මන්ත්‍රිලා නොපැමිණිම පොහොට්ටු අර්බුදයක් නෙමේ කොමිස් ගැහිලි ප්‍රශ්ණයක්ලු !

0
89

sarath Mahindnewමීගමුව මහනගරසභාවේ පසුගිය කණ්ඩායම් රැස්විම පැවැත්වුයේ හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතාගේ  ප්‍රධානත්වයෙනි .
එහෙත් ඒ රැස්විම පොහොට්ටු මන්ත්‍රින් 16 දෙනෙකු විසින් වර්ජනය කර තිබුණි.
මේ සම්බන්ධයෙන් මිපුර වෙබ් අඩවියේ පළව තිබුණ පුවත සම්න්ධයෙන්  අප අමතා කථා කළ සරත් ගුණරත්න මහතා කියා සිටියේ එදින රැස්විමට ඇතැම් පොහොට්ටු මන්ත්‍රිලාගේ නොපැමිණිම පක්ෂයේ අර්බුදයක් නොව කොමිස් කුට්ටි පිළිබද ප්‍රශ්ණයක් බවය.
පොළවල් ටෙන්ඩර කිරිම ප්‍රතිපත්තිය විය යුතුව තිබියදි එසේ නොකොට ඒකි පොළවල් දැනටම ඒවා පවත්වාගෙන යන අයටම දිමට ඉඩකඩ සැලසෙන අයුරින් කටයුුතු කරන්නේනම් ඒවා පිටුපස  කොමිස් ගණුදෙනු පැවැතිම අනිවාර්යයක් බව ඔහු අවධාරණ්‍ය කර සිටියේය.
එබැවින් එදා මන්ත්‍රින්ගේ නොපැමිණිම ගැන තමන්ට පැහැදිලිව කියන්නට ඇත්තේ අදාල ටෙන්ඩර්කරුවන්ගෙන් විවිධ වරදාන  වෙනුවේන අතැම් නගාරික මන්ත්‍රිලා ටෙන්ඩර පටිපාටිය පසෙක ලා ඇති බවය.
මේ තත්වය ඉතා හොදින් දන්නා  පොළ ටෙන්ඩර්කරුවන් වෙළදුන් ව විවිධ ආකාරයෙන් සූරාගෙන කමින් සිටින බවද සරත් ගුණරත්න මහතා විසින් අවධාරණය කරමින් පවසා සිටියේය.
මේ පිළිබදව ඉදිරියේදි අවැසි නම් මාධ්‍ය සාකච්ජාවක් කැදවා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරිමටත් තම පක්ෂයේ ප්‍රධානින් හට දන්වා සිටිමටත් කටයුතු කරන බවද තවදුරටත් කියා සිටි.