මන්ත්‍රිවරුන්ගේ අභ්‍යාස පොත් මගඩිය ගැන විගණන පරික්ෂණ….

0
597

booksමීගමුව මහනගර සභාවේ බදුමුදල් වලින්  පොදු සංවර්ධන ප්‍රතිලාභ සදහා ප්‍රධාන අවධානයක් යොමුකලයුතුව තිබුනද මන්ත්‍රිවරුන්ගේ දේශපාලන ප්‍රතිරූපය නංවාගැනිම වෙනුවෙන් සෟජු ප්‍රධාන ලෙසින් අවුරුද්දකට වරක් පාසැල් දරුවන් සදහා ලබාදිමට අභ්‍යාස පොත් ලබාදිමේ  වැඩසටහනක් දැන් ක්‍රියාත්මකය.
දැනට වසර කිපයක සිට මේ වැඩසටහන හරහා විවිධ මන්ත්‍රිවරුන් මේ අභ්‍යාස පොත් පිටකඩවලට විකුණා ඉන් හම්බකරගැනිම පිළිබදව මගඩි පවා පසුගිය කාලයේ වාර්ථා වුණි.
මෙලෙසින් මුදල් ගසා කෑමට ඇති ඉඩ කඩ නිසා තමන් ගේ නමට ලක්ෂ ගාණක පොත් ලබාගැනිමට මේ මන්ත්‍රිවරු පසුගිය කාලය තුල කටයුතු කර තිබුණි.
නිදසුනක් ලෙසින් උපනගරාධිපති එම් සකාවුල්ලා පමණක් රු ලක්ෂ 8 ක අභ්‍යාස පොත් පසුගිය වසරේදි ලබාගනෙ තිබුණි.
මේ පොත් අලෙවි කොන්ත්‍රාත්තුව ලබාගැනිමට වාසනාවන්ත වුයේ ද ආණ්ඩුවට ඉතාමත් සමිපයෙන් කටයුතු කරගෙන යන විපක්ෂයේ මන්ත්‍රිවරයෙකි. ඔහු විසින් ඉදිරිපත් කර තිබුණ වැඩිමිල ටෙන්ඩරය අනුමත කරවාගැනිමට කෙසේ හෝ ඔහු කටයුතු කර තිබුණි.
මේ ජාවාරමක් තරමට දුරගොස් ඇති බව පෙනෙන්නේ මේ ටෙන්ඩර්කරු විසින් මන්ත්‍රිවරුන් හට ලබාදි තිබුණ ගසා කෑමේ පැකේජ නිසාය.
නිදසුනක් ලෙසින් රු ලක්ෂ 5 ක පොත් ලැබිමට අනුමත මන්ත්‍රිවරයෙකුට රු ලක්ෂ 3 ක පොත් ලබාගෙන ඉතිරි ලක්ෂ 2 මුදලින් ලබාගැනිමට පහසුකමක්ද ඔහු සලසා තිබුනේ තමන් වෙතද ගානක් කැපෙන ලෙසිනි.
මේ සියළු මගඩි හරහා ඇති පදම් ගසාකැම සදහා ඉඩ හදාගැනිම හේතුවෙන් අනුමත මුදලට වඩා නගරයේ අනෙකුත් සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කර තිබුන මුදල් පවා ලබාගෙන තිබිම හේතුකොටගෙන විගණන විමසුමක් දැන් කැදවා ඇතැයි වාර්ථා වේ.

http://www.meepura.com/editors-choice/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B1-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8-%E0%B6%B8%E0%B6%B1