මන්දගාමී ලුණුවිල පාලම වයඹ මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු ගේ නිරීක්ෂණයට

0
345

වර්ෂ 3 ක‍ට අධික කාලයක් වෙන්නප්පුව, ලුණුවිල, කිරිමැටියාන සහ සිරිගම්පල ඇතුළ ප්‍රදේශ රැසක දහස් ගණනක් වූ ජනතාව පීඩාවට පත් කරමින් සිදුවන්නාවූ ලුණුවිල පාලමේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ඊයේ දිනයේ ප්‍රදේශ වාසින්ද කැටුව ගියේය.

අවුරැදු 3 ක් තිස්සේ ප්‍රධානතම මහා මාර්ගයක් වසා දමා මෙම ඉදිකිරිම් සිදු කරයි. පසුගියදා ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් පසුව පදිකයින්ට සහ පා පැදි කරැවන්ට එහා මෙහා යාමට තිබූ තීරැවත් ගැලවී මසකට ආසන්න කාලයක් විය. එම තීරැව ප්‍රතිසංස්කරණය කරන ලද්දේ ද ඊයේ දිනයේදිය. 2014 ජුනි 22 වන දින වන විට ඉදිකිරිම් අවසන් කිරීමට නියමිතව තිබුනත් එහි පැමිණෙන කුඩා දරැවෙකුට වුවත් වැටහෙන්නේ 2015 මැද භාගය වන තෙක් වත් පාලම නම් අපට ලැබෙන්නේ නැති බවයි.

කොන්ත්‍රාත් කරුවන් විවිධ හේතු ඉදිරිපත් කළත් ප්‍රධාන ලෙසම ඔවුන්ගේ ගෙවීම් ප්‍රමාද වීම් එම හේතුන් අතර කැපී පෙනයි. වායු සමීකරණය කළ කන්ටේනර් පෙට්ටි ඇතුලට වී ඉන්නා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හේතුවක් කියන්නට වත් එලියට පැමිණියේ නැත.213
දකුණු ආසියේවේ විශාලම ජනපදය වන සිරිගම්පල 12000 ක‍ට අධික පිරිසක් වාසය කරයි. ඔවුන් පමණක් නොව කිරිමැටියාන, තුලාවල, පොතුවටවන, කහටවිල, හුන්දිරාපොල, බොරලැස්ස යනාදී ප්‍රදේශයන්හි පදිංචි වැසියන් හෙට අනිද්දා දිනක මෙහි උපවාසක් ආරම්භ නොකළොත් පුදුමයකි. පාපැදි කරැවන් තාවකාලික පාලම් ඇන්දක් මත පාපැදි කර තබාගෙන යන ආකාරය එහි සුලබ දසුනකි. පාලම අසලම දෙපස වෙසෙන ජනතාවට බස් ‍සේවයද අහිමි වී ඇති අතර මේ වන විට වෙන්නප්පුව නගරයට පැමිණීමට රැපියල් 150 ක් වියදම් කිරීමට සිදු වී තිබේ.