මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් හිමිපාණන් සමුගෙන වසර දෙකක්

0
506

දිවංගත මන්නාරම රදගුරු රදගුරු රායප්පු ජෝශප් හිමිපාණන්ගේ  ස්වර්ගස්ථවීමේ සංවත්සරය නිමිත්තෙන් සෙනසුරාදා (1) දින මන්නාරම ශුද්ධෝත්තම සෙබස්තියන් ආසන දෙව්මැදුරේදී විශේෂ දේව මෙහෙයක් පූජා කරන ලදී.

මන්නාරම රදගුරු පදවියේ  එම්මානුවෙල් ප්‍රනාන්දු රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්වුන අතර ඉන් අනතුරුව ශුද්ධෝත්තම සෙබස්තියන් ආසන දෙව්මැදුරේ තැන්පත් කර ඇති අභාවප්‍රාප්ත මන්නාරම රදගුරු  රායප්පු ජෝශප් හිමිපාණන්ගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේ විශේෂ යාඥාවක් ද පැවැත්විණි.

එස්.ආර්.ලැම්බර්ට්  – මන්නාරම