මන්නාරමේ ඔස්කා රොමේරෝ. රදගුරු රායප්පු ජෝශප්.

0
496
2013 නොවැම්බර් 22 මන්නාරමේදි ..

මන්නාරමේ මානව හිමිකම් ක්‍රියාධරයෙකුට සිදුව ඇති ජිවිත අවධානම පිළිබදව පැමිණිලි කිරිම සදහා මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමි ඇතුළු විශාල පිරිසක් මන්නාරම පොලිස් අධිකාරි කාර්යලය  වෙත 2013 නොවැම්බර් 22 වනදා ගොස් තිබුණි.
මෙහිදි විශේෂ ප්‍රකාශයක් කරමින් රදගුරුතුමන් පවසා සිටියේ අවධානමට ලක්ව ඇති අයගේ ජිවිතවලට කිසියම් අනතුරුක් සිදුවන්නේ නම් එහි සම්පුර්ණ වගකිම පොලිසිය විසින් භාරගත යුතු බවය.
ඊට පිළිතුරුදුන් මන්නාරම් පොලිසියේ ස්ථානාධිපතිතුමන් පවසා සිටියේ තමන් ඒ වගකිම භාරගන්නා බවත් සුනේශ් නැමැත්තාගේ  නිවස අවට ප්‍රදේශයේ ජංගම මුරසංචාර වැඩිකරන බවත්ය.
එමෙන්ම රදගුරුතුමන් වෙත ප්‍රතිචාර දක්වමින් සහකාර පොලිස් අධිකාරි සුගතදාස මහතා පවසා සිටියේ  සුනේශ ් හට ජිවිත තර්ජනය කිරිම සදහා භාවිතා කරන ලද ජංගම දුරකථනය පිලිබදව විස්තර සෙවිම සදහා ලබන සුදුදාම උසාවි ක්‍රියාමාර්ගයකයට යොමු වන බවය.


මන්නාරමේ මානවහිමිකම් ක්‍රියාධරයෙකු වු සුනේශ් නැමැත්තාගේ නිවසට 2013 නොවැ 21 වනදා අලුයම 1ට පමණ පැමිණි නාදුනන පිරිසක් මරණ තරජනය කර තිබිම පිළිබදව සුනේශ් සහ ඔහුගේ බිරිඳ විසින් මන්නරාම පොලිසිය වෙත පැමිණිල්ලකද ඉදිරිපත් කර තිබුණි.

ඉහත පළකර ඇත්තේ 2013 නොවැම්බර් 23 වනදා මිපුර වෙබ් අඩවියේ අප සටහන් කළ එක් පුවතකි.

මන්නරාමේ රදගුරු රායප්පු ජෝශප් හිමියන් විසින් ජනතා අයිතින් වෙනුවෙන් සිදුකරන්නට යෙදුන එක් මැදිහත්විමක් ගැන එක් නිදසුනකි.
සිය ජනයාට මුහුණ දිමට සිදුවු විදි අනේක විඳ පිඩාවන්වලදි නොබියහ ඉදිරියට යමින් ඔවුන් ගේ ජිවිත සුරැකිම සදහා සිය කිතුණු දුත මෙහෙවර සිය දෙනත් පියෙන තුරුම කරගෙන ගියේය.
ඒ අරුතෙන් ගත් කළ ඔහු සැබැවින්ම මන්නාරමේ ඔස්කා රෝමේරෝය.

සිය කිතුනු පුජක මෙහෙවර නිසි ලෙස හදුනා නොගෙන යාන්ත්‍රික කිතුණු පුජකයන් සේ කටයුතු කරන අයට සිය ජිවිතයෙන්ම හැබැවටම සාක්ෂි දරන ගරු සරත් ඉල්ලමල්ගොඩ පියතුමන් සිය ෆේස් බුක් පිටුවේ රායප්පු ජෝශප් රදගුරු තුමන් පිළිබදව මෙසේ ලියා තිබේ

රායප්පු ජෝෂප් රදගුරු තුමා එඩිතරව තම “බැටළුවන්” රැකබලාගතිමින් ජයග්‍රහශීලීව දිණුම් කණුවට ලගාවූහ. දැන් එතුමන්ගේ ජීවිතය ගැන දකුණේ අපටත් වර්ණනාවන් කළහැක.
නමුත් එතුමන්ගේ මරණය සමරණ මේ මොහොතේ දකුණේ කිතුණු සභාවේ අප විසින් සිදුකළ බරපතල අතපසුවීම් සිහිපත් කළ යුතුය. එතුමා තම ජනතාව වෙනුවෙන් පෙනී සිටියදී දකුණේ අපි එතුමා කොටියෙක්, බෙදුම් වාදියෙක් ලෙස නම් කළ අවස්ථා තිබුනි.විශේෂයෙන්ම දකුණේ රදගුරු නායකත්වය රායප්පු ජෝෂප් තුමන්ව තනිකළ අවස්ථා ගැන පසු තැවිලි විය යුතුය. මන්නාරම් දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්ණය මතු වූ විට දකුණ නිහඩ වු බව මතකද?

ඉද්දමල්ගොඩ පියතුමන් විසින් සිය ෆේස් බුක් පිටුවේ ඉංග්‍රිසි බසින්ද සටහනක් තබා තිබුණි.
ඉන් කියැවුනේ ..

රෝමානු කතෝලික පල්ලියේ බිෂොප්වරුන් 5000 කට අධික සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් මගේ ජීවිතයට දැනුනු අය වුහ . මන්නාරමේ විශ්‍රාමික රදගුරු රදපු ජෝශප් ඉන් එක් අයෙකි.
උන්වහන්සේගේ විශේෂත්වය වන්නේ එතුමන්ගේ ජනතාව කෙරෙහි වු කොන්දේසි විරහිත කැපවීමයි.
ඔවුන්ගේ සියලු පීඩාවලදී ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටියේය.
දකුණේ අපි එතුමන්ව වරදවා වටහාගෙන බොහෝ විට ප්‍රතික්ෂේප කළෙමු. යුද්ධයෙන් පසු එතුමන්ගේ දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව වාර්තා කළ විට ශ්‍රී ලංකා කතෝලික රදගුරුවරුන්ගේ නායකත්වය පවා ගොළු වු අයුරු මට මතකය .
රායප්පු ජෝශප් රදගුරු තුමාගේ නායකත්වය ක්‍රිස්තියානි ප්‍රජාවට ආදර්ශයක් වේවායි ප්‍රාර්ථනා කරමි

දකුණේ කතෝලික සභාවේ නායක කාරකාදින් බහුතරයකට සැබැ ලෙසින් තේරුම් ගැනිමට නොහැකි වු මන්නාරමේ දිවැසිවරයා සිය ජනතාවට සිදුවු දේ මෙන්ම සිදුවන්නට යන දේ ඉතා හොදින් දැක්කේය.
උන්වහන්සේ දුටු ඒ කටුක ඇත්ත ලෝකයාටම කියා සිටියේය.
දකුණට එය තේරුම් ගැනිමට නොහැකි වුවා පමණක් නොව එවැනි අවශ්‍යතාවක්ද ඇත්තටම තිබුනේ නැත
ගරු ඉද්දමල්ගොඩ පියතුමන් විසින් සටහන් තබා තිබුනාක් මෙන්ම රායප්පු රදගුරුතුමන්ගේ ජිවිත සාක්ෂි දැරිම සැබැ කිතුණු නායකන්ට මෙන්ම කිතුණු ජනයාටද ආදර්ශයක්ම විය යුතුය.
ඒ මන්දයත් මෑත ඉතිහාසය තුල එවැනි සටහනක් තබන්නට තරම් වු කිතුණු නායකයෙකු ලංකාව තුල නොමැති වු නිසාවෙනි
ඡායා -කිතුසර

රදගුරු රායප්පු ජෝශප් හිමිපාණන්ගේ දේහය මන්නාරමට රැගෙන එන අයුරු https://www.facebook.com/News7Mannar/videos/1130519904117707