මන්නාරම අඩම්පන් ප්‍රෙද්ශයේදි රිය අනතුරකින් පියතුමෙකු ජීවිතක්ෂයට

0
429

 

මන්නාරම අඩම්පන්  ප්‍රදේශයේ මහජන විරෝධතාවක් – මාර්ග බාධකයක් පිහිටුවන ලෙස ඉල්ලයි.

a56c2414 e698 4461 8ab7 a15cb77293b7 1 254f9693 00aa 4f75 abdc f425b992b6e3

මන්නාරම අඩම්පන් ප්‍රධාන මාර්ගයේ මංසන්ධියේ මාර්ග බාධකයක් පිහිටුවන ලෙස ඉල්ලමින් අඩම්පන් ජනතාව ඊයේ  සහ අඟහරුවාදා වීදි අවහිර කළහ.  ඊයෙ 04 වනදා අඩම්පන් ප්‍රධාන මාර්ගයේ ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පූජකවරයකු මිය ගිය අතර, එම මාර්ගයේ නිතර අනතුරු සිදුවන බවත්, කැපට් පාරේ වාහන අධික වේගයෙන් ධාවනය වන බවටත් මහජනතාව විරෝධය පළ කළහ.

එම මාර්ගයේ මාර්ග බාධකයක් ඇති කිරීමට ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය කර තිබුණද මාර්ග බාධක සකස් නොකිරීම හේතුවෙන් පිට පිට මරණ දෙකක් සිදුවූ බවට ජනතාව කනස්සල්ල පළ කර තිබුණි.

මෙම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි සහකාර දිස්ත්‍රික් ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභා ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු සහ පොලිසිය මහජනතාව සමඟ කතා කර අනතුරු වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා බව ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. පසුව ජනතාව විරෝධතාව අත්හරිනලදි.

එස්.ආර්.ලැම්බර්ට්

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here