මනාප අර්බුදයක සිටින ඇමති ලංසා යළිත් බඩු බෙදිමේ දේශපාලනයට ?

0
98

ilegal lansa 8ගම්පහ දිස්ත්‍රික්කයේ බඩු බෙදිමේ දේශපාලනය කප් ගැසු දේශපාලකයා වි තිබුනේ ඇමති නිමල් ලංසාය. මිගමුවට පමණක් නොව ඇතැම් විට වෙනත් ආසන වලටද ගොස් එදා බැසිල් රාජපක්ෂගේ ද හයිය ගෙන බඩු බෙදුවේය.
වරක් සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ සිය ආසනයේ කාන්තාවන් කටුනායක 18 කණුවේ ක්‍රිඩාංගනයට කැදවා බඩු බෙදන්න යද්දි මහින්ද රාජපක්ෂට දන්වා එය නවත්වා ගන්නට කටයුතු කර තිබුණි.
ඇමති ලංසාගේ බඩු බෙදිල්ල දිග පළළ කොයිතරම් දැයි කියන්නේ නම් පස්සර දක්වා එය විහිදි තිබුණි. 2015 ජනාධිපතිවරණයේදි පස්සර ආසනයටත් ඔහු මහන මැෂින් සහ විදුලි ස්ත්‍රික්ක බෙදා දි තිබුණි.
මෙවර දැවැන්ත මනාප අර්බුදයක සිටින ඇමති නිමල් ලංසා දැන් යළිත් බඩු බෙදිමේ දේශපාලනයට පිවිස ඇති බව සැලය. ඒ වෙනුවෙන් ඊයේ අඩි 20 දැවැන්ත කන්ටේනර් 2 කකින් පුටු තොගයක් මිගමුව මහනගර සභාවට ගෙනවිත්  ඇති බව වාර්ථා වේ.
ඒවා නගර සභාවේ ගබඩා කිරිමෙන් කියැවෙන්නේ මිගමුවේ මහජන බදු මුදල් ඒ වෙනුවෙන් වැය කර ඇතැයි යන අදහස විය යුතුය.
කෙසේ වෙතත් ඉදිරි දිනවලදි මේ ගැන වැඩි විස්තර හෙළිකිරිමට හැකි වනු ඇත.