මනාප හොයන් මිගමු ආපු නලින් නිසා ලංසාලාගේ මණ්ඩලේ කචල් වෙලා ?

0
105

NImal and MPs( 9.00 am ) මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු වු නලින් ප්‍රනාන්දු මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවෙන් තරග වදින්නෙකි. රාජපක්ෂ සමයේ සතොස හිටපු සභාපතිද වෙයි.
පසුගිය දිනවල නලින් මිගමුටද සහන මළු එවා තිබුන අතර ඒවා බෙදාදිමට ඇවැසි නම් ලයිස්තුව පිටව තිබුනේද දයාන් ලංසාගේ කාර්යාලය තුලින්ම බවටද රාවයක් විය.
මෙයට අමතර නිමල් ලංසාට මනාප එකතු කිරිමේ නිරතව සිටින ඇතමෙකුද නලින්ගේ සහන මළු  සිය ප්‍රදේශවලදි බෙදා හැර තිබුණි.පෙරියමුල්ල ප්‍රදේශයේ ද එය සිදුවිය.
දැන් මනාපය අස්සේ විවිධ අමනාපකම් නිර්මාණය වෙමින් තිබේ.
මෙහි ප්‍රථිපලයක් ලෙස නිමල් ලංසා විසින් නාගරික මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් කිපදෙනෙකුට මෙන්ම ඇතැම් ප්‍රදේශවල සිය අධාරකරුවන්ට දුරකථන ඇමතුම් ලබාදමෙින් බැනවැදි ඇතැයිද සැලය.
ඒ ලංසා පවුලේ අය විසින් නලින් සරණ ගිය අයට බැනවදින්නට පටන්ගෙන තිබිම නිසාය.
ඉදිරිය දැන්නම් පැහැදිලිය.
ලංසාලා මෙන්ම නලින්ලාද රාජපක්ෂ සමයේ හොද හැටි හම්බකරගත් අයවලුන්ය.
දැන් සැබැවින්ම ඇත්තේ සල්ලි අතර ගැටුම.
ඒ මනාපය වෙනුවෙනි.
සල්ලි නැති අය අය මනාප සැමට විකුණති.
එය මේ මනාප දේශපාලනයේ යථාර්ථයයි.
එය ලංසා පවුලට කිසිවිටකනත් නවතා ලිය නොහැකි බව වඩාත් හොදින් තේරුම් යන්නට තවත් දින කිපයක් අවැසිව තිබේ.
නලින්ගේ මිගමු සම්ප්‍රාප්තියේ සම්බන්ධිකරණය සාදු නම් අනවර්ථ නාමයක් ඇති අයෙකු විසින් සිදුකර තිබේ.