එස් .එම් බදුර්දීන් මනිබඩු වෙළෙන්දෙකි. මීගමුව කාමච්චෝඩය සති පොලේදී ඔහු නිතර හමුවේ. බදුර්දීන් සමඟ සුහද කථාබහක යෙදීමට අදහස් කළේ පුංචි සිරුරකින් යුතු වුවද ජීවත්වීම සඳහා කරන අරගලය තුළ ඔහුගේ භූමිකාව හඳුනා ගැනීම වැදගත්යැයි හැඟුනු බැවිනි. භාෂා ප්රශ්ණය බාධාවක් වුවද කළ කෙටි කථාබහ සමඟ යම් ප්රමාණයකට ඔහු හඳුනා ගත්තේයැයි සිතේ. මේ තත්වය මත ඔහු මා සමඟ අදහස් අදහස් බෙදා ගත්තේ මෙසේය.
මම ඉන්නෙ පෝරුතොට . බිස්නස්එක පටන් අරගෙන දැන් අවුරුදු 20ක් විතර වෙනව. මම ගන්නෙ බඩු ටිකයි. මම බැඳල නෑ. මට දරුවො නෑ. අක්කල එක්ක තමයි ජීවත් වෙන්නෙ. ඒ නිසා අක්කලගෙ දරුවන්ට උදව් කරනවා. එක අක්ක කෙනෙකුට දරුවො 8ක් ඉන්නවා.මට අයිති පර්චස් 5ක ඉඩම ඒගොල්ලන්ට ලියල දුන්නා.
.
මම මොහොමඩ් පාසි.මම ඉන්නෙ මහිමගොඩැල්ලෙ. 2007 තමයි මේ රස්සාව පටන් ගත්තෙ. තරුණකාලෙ පානදුරේ මේ වගේ මනිබඩු පේව්මන්ට් එකේ තියාගෙන විකුණුවා. කරත්තෙ බඩුටික පටවගෙන මීගමුවෙ යන්න පුළුවන් හැම පාරකම මම යනව.දවසකට හැතැප්ම 5ක් 6කට වැඩිය යනව ඇති. මොකද උදේ පටන් ගත්ත තැන ඉඳල ඇවිදින එක තමයි කරන්නෙ.
විරුද්ධකාරයො එහෙම නැද්ද?
මට කව්රුත් විරුද්ධ නෑ. මම ගා එක්කත් හොඳින් ඉන්නවා. හැමෝම මට සළකනව. පහුගිය දවස්වල ටිකක් බයෙන් හිටිය. ඒ වුනාට මට කව්රුත් ගහන්නෙ බයින්නෙ නෑ. එදා පල්ලියේ සිදුවීම අපරාධයක්.
නිතර සිනා මුහුණින් යුතුව ගම වටේ ඇවිදින මේ වෙළෙන්දා මණිබඩු පමණක් නොව මිනිස්කමද ගමපුරා බෙදාහරින ඔනෑම කෙනෙක් සමඟ මිත්රශීලීව කටයුතු කරන කෙනෙක්. මේ නිසා ඔහු දුටුවිට අතීතයේ අපට මුණගැසෙන මනිබඩු වෙළෙන්දා සිහිපත්වන බව කිවයුතුය.