”මම අභියෝග කරනවා අනුර සහෝදරයාට –  පුලුවන්නම් රෝහණ විජේවීරගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් කරලා , සත්‍යය හෙළි කරන්න කියලා ”

0
136

ශ්‍රී ලංකාව තුළ අතුරුදහන්වූවන් සිහිකිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වන සැමරුම් වැඩසටහන ඊයේ ඔක්තෝබර් 27 රද්දෝළුව මංසන්දියේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට අතුරුදහන්වූළුන්ගේ පවුල් එකතුවේ දෙමාපියන්, ආගමික නායකයින්, සිවිල් සංවිධාන,මාධ්‍යෙව්දීන්, තානාපති කාර්යාල නියෝජිතවරු, අතුරුදහන්වූවන්ගේ  කාර්යාලායේ නියෝජිතයින්, ජාතික ජන බලවේගයෝ සමාජික , අජිත් ජයසිංහ ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වූහ. මෙම අවස්ථාවට සමූහ මිනීවලවල් සම්බන්ධ පරීක්ෂණ වලට දායක වූ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසිංහ මහතාද සහභාගී විය.

මෙම අවස්ථාවේදී අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ කැදවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් පවත්වන ලද කතාවෙන් කොටසක් පහත පළකර ඇත.

https://drive.google.com/file/d/14-xD4eOJhnw2o3hitoEiQXH0b3e00GRZ/view?usp=drive_link

අවුරුදු 34කට ආසන්නව අතගාන්න පුළුවන්  ප්‍රතිඵලයක් නැතුව හරි අවුරුද්දකට සැරයක් අපි එක්කහු වෙලා බලේ ඉන්න අයට අපි කියනවා අපිට තවම අපේ ප්‍රශ්නය විසඳුවේ නැහැ කියලා. එහෙම මතක් නොකළොත්.

අපේ පරම්පරාවල් වලටත් මේක අවශ්‍ය නැති හින්දා අතුරුදහන් කිරීම ඉබේ අතුරුදහන් වෙයි කියලා කියලා. දැනට පොඩි පොඩි කෑලි අපිට දෙනවා දෙනවා. හැබැයි ඇගේ වදින තරමට නම් නෙමේ. මම ඉතිහාසය මතක් කළොත් එදා මේ එහා පැත්තේ 1989-10-27 වෙනිදා  අර වෙළඳ  කලාපයේ විනය පරීක්ෂණයට කැඳවපු  රංජිත් සහ ඔහුගේ නීති උපදේශකව  සැලසුම් සහගතව විනය පරීක්ෂණයට කැඳවලා එයාලා එළියට එද්ද කටුනායක පොලිසියෙන් කියනවා.අපේ වැඩේ ඉවරයි අන්න උන් දැන් එලියට එනවා කියලා.කටුනායක පොලිස්යෙන් ඒ දෙන්නාගේ  පිටිපස්සෙන් ගිහිල්ලා 18 කනුවේ දි  හප්ප⁣ලා  අල්ලලා,රැ දෙකට මේ හන්දියට ගෙනල්ලා දන ගස්සලා වෙඩි තියල⁣ෙ ගිනිතියලා යන්නේ.

මේ පල්ලියේ හිටපු සිරිල් ස්වාමි කියනවා එදා එයා අහපු අමාරුම ලතෝනිය  ඇහුවා කියලා. ඒ ලයනල් කෑ ගැහැව්වාලු මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් මාව මරන්න එපා කියලා. එයාලා ජේ.වි.පි නෙමෙයි.ෆැක්ටරියේ තියෙන ප්‍රශ්න ගැන කතාකරලා.  අනුන්ගේ ප්‍රශ්නය ගැන යමක් කතා කරපු ඒ ඔක්කොම අතුරුදහන් වෙනවා

ජයන්තියි මමයි කතාවුනා මේකට මොකක්හරි කරමු කියලා.ජයන්තිට අවුරුදු එකහමාරක් විතර බිම්ගත වෙලා ඉන්න වුනා මොකද එයා පොලිසියට පැමිණිල්ලක් කලා කියලා.එයා යන යන හැම තැනම පොලිසිය ආවා. කතෝලික  පල්ලිය තමයි අපිට උදව් වුණේ .

මහළු මඩම් වල ළමා නිවාස වල තමයි ජයන්ති හැංගිලා හිටියේ.ඒ හැම එකකටම පොලිසියෙන් ඇවිත් තර්ජනය කළා. අන්තිමට නමත් මාරු කරලා අපිට සිද්ධ වුණා ජයන්තිව මේ සමාජයෙන් අයින් කරලා තියන්න.
1991 ඔක්තෝබර් 27 වෙනිදා ජයන්ති මමයි මෙතෙන්ට එනවා,එතකොට මෙතන තිබුනේ කැලෑව,අපිට කවුරුත් කිව්ව යන්ඩ එපා  තත්ත්වය හොඳ නෑ කියලා.අපි දාසය දෙනයි හිටියේ.ජයන්ති ගම්මාවා ගම්මාවා ඩබිඳු එකේ චමිලාගේ අම්මා තාත්තා ආවා.මගේ පවුලේ උන් ආවා.ඒ වගේම මේ පල්ලියේ ඒ වෙලාවේ මේ පල්ලිය දැන් ඉන්න ගරු ටෙරනස් පියතුමා ආවා.තව එක හාමුදුරු කෙනෙක් ආවා.අපි දාසයයි හිටියේ.  හඳුන්කූරු තියලා මලක් තියල අපි එක පොරොන්දුවක් දුන්නා,අන්න අතන  ලංකාවේ අතුරුදහන් කිරීම්  අපි මේ සැමරුම කරනවා කරනවා කියලා.අන්න ඒ පොරොන්දුවයි අපි අද මෙතන ඉෂ්ට කරන්න උත්සාහ කරන්නේ.

අවුරුදු තිස් හතරක් මේකේ දේශපාලන වෙනස්කමනුත් තියෙනවා.
මට මතකයි 19 1992 දී අපි සීදුවේ ඉඳලා පා ගමනක් ආවා.ගරුඔස්කාභයරත්න ගරු සුනන්ද වන වනසිංහ පියතුමන්ලා වාසුදේව නානායක්කාර ,වික්‍රමබාහු කරුණාරත්න මේ ඔක්කොම ආවා.එදා පොලිසියෙන් අපිට හිරිහැර කරලා වෙඩි තියෙනවා කියලා කිව්වා බාධා කෙරුවා.අපිව ඡායාරූප ගත කළා වෙළෙඳ කලාපයේ ඉන්න කළමනාකාරවරියක්. අපි මෙතෙන්ට ඇවිල්ලා ජනතා අධිකරණයක්  තිබ්බා. .. හැබැයි ඒ අනු දෙකේ.

blue diamond කම්හලේ නම දෙනෙක් අතුරුදහන් වුණා,අපි එතන සිහි කර කර ඉඳලා මෙතෙන්ට එන්න එද්දි,අපිට අනු දෙකේ තග දාපු පොලිසියේ මහත්තයා ඇවිල්ල අපෙන් අහනවා,අනූ හතරේ චන්ද්‍රිකා බලයට ආවහම අපේ මොනාද කෙරෙන්න ඕනේ?,

කොඩි දාන්න ඕනද පාරේ යන්න අපෙන් සහයෝගයක් ඕනද කියලා අහනවා ,  දේශපාලනය වෙනස එහෙමයි,අනු දෙකේ අපිව ගහන්න මරන්න ගියේ නිලධාරියා අපෙන් අහනවා,මම සහයෝගයක්ද ඕනෙ කියල.මෙතනදී මතක් කරන්න ඕන ගොඩක් අය ඉන්නවා,මෙතනට අද ඇවිල්ල ඉන්නවා ප්‍රෙඩී සහෝදරයා, පිල්ප් සහෝදරයා මේ මුමන්ට්   එක හදන්ඩ ගොඩක් මැදිහත් වුනා.ඒ වගේම තේනුවර සහෝදරයා.නම් ගොඩාක් තියෙනවා කියන්න. මේ වෙලාව මදි.

අපි යමක් අත්පත් කරගෙන තියෙනවා නැතුව නෙමෙයි.2015 ජිනීවායෝජනාවේදී,එවකට හිටපු යහපාලන ආණ්ඩුව සම දායකත්වය දීලා,කාරණා හතරක් පොරොන්දු වෙනවා,එකක් තමයි අපේ දෙමව්පියන්ට දරුවන්ට වෙච්ච දේ ගැන ඇත්ත කියන්න,අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලා ස්ථිරව ගොඩනගනවා කියලා,අද ඒ කාර්යාලය නියෝජනය කරමින් නියෝජිතවරු දෙදෙනෙක් මෙතන ඉන්නවා,ඒ වගේම පොරොන්දුවක් දෙනවා අපිට වෙච්ච අසාධාරණයට වන්දි කාරයාලයක් හදලා  දෙනවා කියලා.ඒ පොරොන්දුවත් ඉෂ්ට වුණා.පොරොන්දුවක් දෙනවා අපරාධ කෙරුවනම් මිනීමැරුවනම් යුක්තිය ඉෂ්ට කරන්ඩ.

නමුත් මේ රටේ කිසිම ජනාධිපති කෙනෙක්ට කිසිම හයියක් නෑ ඒක කරන්න.හේතුව රණවිරුවන් ට අමාරු වෙනවාය රණවිරුවා අපට කෙළවනවාය  කියන එක.හැම ජනාධිපතිම මොනතරම් සද්දෙන් යුක්තිය ගැන කිව්වත් ඒ වගේම සද්දෙන් ඒක මග අරිනවා.අන්තිමට කිව්වේ මේ කාරණාව ගැන සත්‍ය හෙළි කරලා යුක්තිය ඉෂ්ට කරලා වන්දි ගෙවලා නැවත සිදුවීම වළක්වනවා කියලා. හැත්තෑ එකේදි වුණා. අසූ නමේදී වුනා වුනා යුද්ධයේදී වුණා. ආපහු එන්නේ නෑ කියලා කාටද කියන්න පුළුවන්. මේ රටේ ආණ්ඩු කරපු හැම එකාම අතුරුදහන්වීම පාවිච්චි කරනවා. මර්දනය හැම එකාම පාවිච්චි කරලා තියෙනවා.
නමුත් අපිට කාරණා ගොඩක් තියෙනවා විසඳගන්න. ගන්න පුළුවන් වෙනවා කවුරුත් දරුවා නාවික හමුදාවේ හමුදාවේ එකොළොස් කෙනෙකුත් කප්පං ගන්න පැහැර ගත්ත නඩුව.එල්.ටී.ටී. කියලා නෙමෙයි කප්පං ගන්න ගන්න නාවික  හමුදාව පැහැරගත්තා එකොළොස් දෙනෙක්ව.ඒ පැහැර ගැනීමේ සිද්ධිය වුණ දෙදාස් 2008..පොලිසිය පරීක්ෂණ තිබ්බා මහේස්ත්‍රාත් පර්යේෂණ තිබ්බා අන්තිමට 2020 දී,  පත් කරපු ත්‍රී මුදල අධිකරණය අද 2024 වෙනකම් එක දවසක්වත් නඩුව අහල නැ

ඒ විතරක් නෙමේ අතුරුදහන් වීම් කිරීම් වලට එරෙහිව නීතියක් ගෙනාවා. අතුරුදහන් කිරීමකට හවුල් වුණොත් අවුරුදු විස්සක් හිරේ දාන්නත් ලක්ෂ දහයක් දඩ ගෙවන්න ඕන ආණ්ඩුවට ඒ විතරක්නේ මේ රූපය අල්ලස්ස පහක් වන්දි ගෙවන්න ඕන ඒ අතුරුදහන් වෙන එක්කෙනාට කියලා.හැබැයි ඒ නීතියාගේ 2018.

ජිනීවා මෙවර ජිනීවා සාකච්ඡාවේදී ජාතික ජන බලවේගය අඩුම ගානෙ කියයි  අපිට මාස දෙකක් දෙන්න අපි පත්වෙලා මාසයයි මාස තුනකින් අපි මේ ගැන බලන්නම් කියයි කියලා.අනුර කුමාරගේ ආණ්ඩුව කිව්වා ජිනීවායෝජනාවට අපි විරුද්ධයි කියලා.මමත් පිළිගන්නවා මේ මාසය තුළ මුකුත් කරන්න බැහැ.මහින්ද කියපු කෑල්ලම තමයි මේ කියවුනේ  ඒකයි අපිට තියෙන ප්‍රශ්නය.එතකොට තමා අපිට පොඩි පොඩි විචිකිච්චා ඇතිවෙන්නේ.අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ. නමුත් ආණ්ඩුව පටන් ගත්ත ගමන්ම ආයි බලාපොරොත්තු අපේ කකුල් දෙකෙන් බිමට බහිනවා.ඒ නිසා සහෝදරුනේ මම කියන අඩුම ගානේ ජිනීවා වලට ලියුම අරින්න.

ජනපති අනුර අද මෙතෙන්ට ආවා නම් හොදයි -  මම අනුරට අභියෝගයක් කරනවා
ටිල්වින්  සහෝදරය අපිට ඒ කාලේ කිව්වා බලේ හම්බුනාම මූලික අවධානයක් යොමු වෙන්නේ අතුරුදහන් කරවීම්වලට කියලා.අපි විශ්වාස කෙරුවා. ඒ වගේම කඩේ ඇරලා තියෙනවා.අපිට මතකයි මහින්ද රාජපක්ෂ එයා තරම් අපිත් එක්ක පාර ගිය කෙනෙක් නෑ පාරේ ඇවිද්ද කෙනෙක් නෑ. අපි ගියා මෙතන ඇති අම්මලා මෙතන. අතුරුදහන්වීම්වලට සාධාරණය ඉෂ්ට කරනවා කියපු මිනිහා ඇතිවෙන්ඩ අතුරුදහන් කෙරුවා උතුරු මිනිසුන්ව. එක මොහොතකට අපි එක්ක ඉන්නවා එක මොහොතකට මිනී මරනවා අතුරුදහන් කරනවා.රනිල් වික්‍රමසිංහ මහත්තයා ,මේ දෙන්නම ඡන්දේ ඉල්ලන්නෙත් හින්ද මට කිව්ව හැකි රනිල් වික්‍රමසිංහ මහත්තයට තියෙනවා බටලන්ද  පිළිබඳව විශාල චෝදනාවක්.  කොමිසමේ තියෙනවා.හැබැයි චන්ද්‍රිකා මැතිනිය නඩු දැම්මේ නෑ.චන්ද්‍රිකා මැතිනියගේ කොමිසම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනුවත්වයි මේ මිනි මැරුම් සිදුවුණේ කියලා.සපුගස්කන්ධ හිටපු ඕඅයිසී වත් මරණවා.
අතුරුදහන් කරනවා බෙල්ල කපලා. 2015 දී රනිල් වික්‍රමසිංංහ 30/1  යෝජනාවට සම දායකත්වය දෙන්න මංගල සමරවීරව පොළඹවන්න එක සාධකයන් වුණේ රනිල් වික්‍රමසිංහ. අපි ඒකට ගරු කරනවා.හැබැයි බටලන්ද අමතක කරන්න බැහැ.

චන්ද්‍රිකා කුමාරතුංග කොමිසමක් පත් කළා.කොමිසම් කීපයක් පත්කළා. මෙතන ඉන්නවා ජනාධිපති කොමිසමට අසූ නමේ ගිය අය අත උස්සන්න.බලන්න ඒ ඔක්කොම ගියා. රුපියල් පනස් දාහ, විසි දාහ, පහළොස් දාහක් ලැබුණා වන්දි..මරණ සහතිකයක් දුන්නා ඒකේ තියෙන්නේ, අවුරුද්දක් අතුරුදහන් වීම නිසා මැරුණා යැයි සිතමි.ලංකාවේ ප්‍රථම වතාවට මරණ සහතික දුන්නා මැරුණා යයි හිතලා.මට හම්බුනා කොම්පඤ්ඤවේදී මරණ සහතිකයක් මොකක්ද මරණයට හේතුව.කොම්පඤ්ඤවීදී පදිංචි වී සිටින ලදී.මරණයට හේතුව කොම්පඤ්ඤවීදියේ පදිංචිවී සිටින ලදී.මේ වගේ මරණ සහතික තමයි ලැබුණේ ඒවත් අපි බාරගත්තා. නිර්දේශ ගණනාවක් තියෙනවා අපේ දරුවන්ට රස්සාවල් දෙන්න අපිට වන්දි දෙන්න
ආණ්ඩුවේ රස්සාවල් දීමේදී අපේ දරුවන්ට ප්‍රමුඛතාවය දෙන්න.අපේ දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන්න.එකක්වත් ඉෂ්ට කළේ නෑ.
මම තාමත් කැමතියි ජනාධිපතිට අනුර සහෝදරයා කියන්න.මං  කිසි කෙනෙක්ට කියන්නැ  ”ඔබතුමා” ” තුමා” කියලා මොකද උන් සේරම ඉන්නේ පඩියට. මේ අම්මලාගේ වැලපිල්ල ,මඩකලපුවේ වැලපිල්ල,දකිනවා නම් හොඳයි.එයාට අලුතෙන් උගන්නන්න ඕන නෑ එයාගේ හිටපු හොඳම හිතවත් යාළුවා සහෝදරයා ගැන එයා කිව්වා  වෙඩි තියලා මරලා අතුරුදහන් කළා කියලා.  එයාගේ පක්ෂය කී දහසක් අතුරුදහන් වුණාද ඝාතනය වුණාද? අද මේ ආණ්ඩුවට අනුර කුමාරට වැඩි වගකීමක්   තියෙනවා  මේ අතුරුදහන් වීමේ ප්‍රශ්නය ගැන.
මහින්ද සහෝදරයා ආවා තමයි නමුත් මහින්ද සහෝදරයාවේ ජනාධිපතිගේ නියෝජිතයෙක් හැටියට නෙමෙයි.
අපේ දෙමව්පියෝ උත්සාහ කරා ගොඩක් දෙමව්පියෝ ජනාධිපති ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට ගියා.
ජනාධිපති ලේකම් කාර්යාලයට ගියාම කිව්වා, ඇපොයිමන්ට්   නැති නිසා ඇතුලට ගන්න බැහැ කියලා.
අතුරුදහන් අම්මලා තමන්ගේ දරුවන්ගේ ඡායාරූප අරගෙන ගියහම අපි හිතුවා ටිකක් පරණ විදිහට නැතුව වෙනස් විදියකට අපිට සලකයි කියලා.
අපිට කිව්වා , ඇපොයිමන්ට් නෑ කියලා.
ඊට පස්සේ ගියා ලේක් හවුස් එකේ සම්බන්ධීකරණ ලේකම් හම්බවෙන්න එයා අපිට ලොකු දුක් ගැනවිල්ලක් කිව්වා.කමක් නෑ ඒක අපිට තේරුම් ගන්න පුළුවන්.මේ වෙලාවේ මැතිවරණ තියෙනවා ,
 මමත් තවම හිතනවා ආවනම් හොඳද නැද්ද?
එක විනාඩියකට ඇවිල්ලා අම්මේ තාත්තේ මම මේක අතාරින්නෙ නෑ කියලා කිව්වා නම් අපිට එන දහිරිය,අවුරුදු තිහක් අල්ලගෙන හිටපු එක එකට ,අපිට තව අවුරුදු තිහක් අල්ලන් ඉන්න ධෛර්යයක් ලැබෙනවා.
අද මෙතෙන්ට හෙලිකොප්ටරෙන් හරි ඇවිල්ලා විනාඩියක් කතා කරලා හරි ගාල්ලට එලිකොප්ටරේම ගියා නම් ආණ්ඩුවේ වියදමින් ඒ ගැන අහපු අයටත් ගහනවා එහෙනම් අපේ අය.ඒක කළ හැකිව තිබුණා.
අන්තිමට මම කිව්වා එන්න බැරිනම් පොඩි පණිවිඩයක් එවන්න, ජනාධිපති ලේකම් කෙනෙක් අතේ හරි එවන්න කියලා. මම  සන්තෝස වෙනවා මහින්ද සහෝදරය ආව එක ගැන නමුත් එයා පණිවිඩයක් ගෙනාවෙත් නෑ ජනාධිපතිවරයාගෙන්.
 එදා 1989දී  ඒ විනය  පරීක්ෂණයට යන්න හිටිය කෙනෙක් එදා මට යන්න පුළුවන්ද කියලා ඇහුවා.එදා 1989 දී රංජිත් එක්ක. මට මේ වෙලාව ඒ ගැන දැනුමක්ම තිබුණේ නෑ ඒ නිසා මම කිව්වා දන්නේ නෑ කියලා. ලයනල් ගියා ලයනලුයි රංජිත දෙන්නාම නැතුව ගියා.මම ගියා නම්?? ඒක මගේ හිතේ තියෙනවා කවදාවත් අමතක කරන්න බැරිව.
මම ජනාධිපති සහෝදරයාට අභියෝග කීපයක් කරනවා.
මේ අභියෝග කරන්නේ වෙන මොකකටවත් නෙමෙයි අනිත් ජනාධිපතිවරුන්ගෙන් වෙනස් වෙන්න කියලා.බොරු කියන්න එපා.කරන්න පුළුවන් දේ කියන්න, කළ යුතුයි.පක්ෂෙන් බහුතරයක් අතුරුදහන් වුණා. මෙතන ඉන්නවා ගොඩක් අය අනුරට ඡන්ද දාලා අනුර බලයට ගේන්න මහන්සි වුණ අය. ඒ අය තමයි කිව්වේ අනුර කුමාරට ආරාධනය කරන්න ඕන කියලා. මගේ තීන්දුවක් නෙමෙයි.මම මේ අභියෝග කරන්නේ ඇයි.මේ රටේ දේශපාලන නායකයෝ මොනතරම් කුහකද කියල කිව්වොත්,දේශපාලන නායකයෝ ගණනාවක් මේ රටේ ඝාතනය කළා.විජය කුමාරතුංග   ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක,මේ පළාතේ ජේ රාජ්  ඔක්කොම ඝාතන කලා.ඒ පිරිමින්ගේ ඔක්කොම කාන්තාව කාන්තාවෝ ගෑණු,එක්කෝ චන්ද්‍රිකා හිටියා ජනාධිපති හැටියට,අනිත් අය හිටිය ඇමතිවරියො හැටියට,එකෙක්වත් තමන්ගේ මිනිහගේ මරණය ගැන මොකක්ද උනේ කියලා කියන්න කවදාවත් උත්සාහ කළාද ? ප්‍රේමදාස මහත්තයාගේ මිනිය ගත්තුවාම එතන හේදුවා,යළිත් ඇතුළත් මුදලට මොකද උනේ කියලා ශ්‍රේණ ශ්‍රේණි දිසානායක කවදාවත් ඇහුවේ නෑ.චන්ද්‍රිකා කුමාරතුංග විජය කුමාරතුංග ගැන ඇහුවෙත් නෑ.
අනේ ඒකයි මේ මම දිස්ත්‍රික්ක ගණනාවකින් ආපු ඔය අම්මලාට ගරු කරන්නේ.තමුන්ට එහෙම දේශපාලන හයියක් නැතුවත්,තවමත් අවුරුදු තිහක් තිස්සේ උතුරු අම්මලයි දකුණේ අම්මලයි,කියනවා අපේ එකාට වෙච්ච දේ කියපල්ලා කියලා.
ඒ නිසා අනුර කුමාරටත් මම අභියෝගයක් කරනවා.  පුලුවන්නම් රෝහණ විජේවීර සහෝදරයාගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් කරලා ,වෙච්ච දේ සත්‍යය හෙළි කරන්න කියලා,
මොකද අපි කවුරුත් දන්නා වෙච්ච දේ දේ. නමුත් කොහෙවත් කතා වෙන්නේ නෑ.ඒක එක අභියෝගයක්..
මම අනුරට කියන්නේ මේකයි. තමුංගෙ එක ගැන කට වහගෙන හිටියට,අනුරගේ  ළඟින්ම හිටපු යාළුවත් අතුරුදහන් වුනා නම්,මේ දෙමව්පියන්ගේ දරුවොත් අතුරුදහන් වුනා නම් අර දේශපාලකයින්ගේ අය වගේ නෙමෙයි මෙයාලට විසඳුමක් දෙන්න කියලා මම එයාට යෝජනා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here