මම කුරුළු පැටියගෙන් සමාවත් ඉල්ලුවා……..

0
673

අපේ ගෙදර සාලේ Lampshade එකේ කොන්ඩ කිරිල්ලියක් ඇවිත් කූඩුවක් හැදුවා. කිරිල්ලි ඒකෙ බිත්තර දාල පැටවු රැකලා පැටවු එළියට ඇවිත් තිබුනා කිරිල්ලි ඇවිත් පැටවුන්ට කවන කොට අපි පැටව් දැක්කා පැටවු ලොකු වුනාට පස්සේ කිරිල්ලිත් එක්ක ඉගිලිලා ගියා ඒ පළවෙනි පාර……..

දෙවැනි පාරත් එහෙමම වුනා ඒත් ඉගිල්ලෙන්න බැරිව එක පැටියෙක් බිම වැටුනා.
මම ඌව අල්ලගෙන පෙට්ටියක දාලා තියා ගත්තා.
කුරැලු අම්මා හොයලා යන්න ඇති කොහොම හරි මම හරිම ආසාවෙන් කුරැලු පැටියව පෙට්ටියක දාල තියා ගත්තා හැමෝටම පෙන්නුවා දවස් දෙකක් විතර ගියාම මට මතක් වුනා පැටියට කෑම දෙන්න වතුර දෙන්න ඕන කියලා මම අම්මටත් ලොකු අම්මටත් නැන්දටත් කිව්වා අපි වතුර ටිකක් පෙව්වා ඒත් කෑම කවාගන්න බැරිවුනා

පහුවදා පැටියාව පෙට්ටියෙන් එළියට අරගෙන තිබ්බාම කුරුළු අම්මයි තාත්තයි ඇවිත් තිබුනා පැටියව බලන්න එයාල වටේ කැරකිලා ටිකක් වෙලා ඉදලා ගියා පැටියත් කෑගැහුවා නැන්දා පැටියට කූඩුවකුත් ගෙනල්ලා පැටියව දාල ගහක එල්ලුවා ඒත් කුරැලු අම්මා කෑම කවන්න ආවෙ නෑ අනේ මම ඉස්කොලේ ගිහින් එනකොට කුරැලු පැටිය මැරිලා හිටියා

මට හරිම දුකයි ඇඩෙන්නත් ආවා මම හැමෝටම පෙන්නුවා ඌව අතට අරගෙන පස්සේ මම ඌව පත්තර කොළ වල ඔතලා වැළලුවා වලට උඩින් මල් ගොඩක් ගැහුවා මම ජේසුට ඔරසන් කිව්වා මම කුරැලු පැටියගෙන් සමාවත් ඉල්ලුවා ඌව අල්ලගෙන තියා ගත්ත නිසයි එයා මැරැනෙ කියලා.

(මේ අත්දැකිම මීගමුව මාරිස්ටෙලා විදුහලේ ශාඛා පාසැලේ පළවෙනි පංතියේ දරුවෙකුගේ
මේ දරුවා එයාගේ අත්දැකිම වැඩිහිටියොත් එක්ක බෙදා ගත්තේ මේ විදියටමයි.
එක සටහන් කරල දුන්න එක විතරයි මේ දරුවාගේ නැන්දා අතින් සිදුවුනේ.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here