මම කොන්ත්‍රාත්කරුගෙන් සල්ලි ගත්තේ නෑ මම හොඳ කතෝලිකයෙක් – ලෙස්ලි කියයි

0
70

briberyමම කොන්ත්‍රාත්කරුගෙන් සල්ලි අරන් නෑ මම හොද කතෝලිකයෙක් මගේ නෝනා ගුරුවරයෙක් දරුවෝ බැංකුවේ රස්සාව කරනවා යැයි ඉජිනේරු අංශයේ  ලිපිකරුවෙකු වන ලෙස්ලි නැමැත්තා මිට සුළු මොහොකට පෙර මීපුර වෙබ් අඩවිය අමතා පවසා සිටියේය.
මීගමුව පුස්තකාල සංකිර්ණය ඉදිකිරිමේ කටයුත්තේද තමන්ට ඉතාමත් සමිපයෙන් සිට උදව් කළ ප්‍රධාන පුද්ගලයා ලෙස්ලි යැයි හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා මෙහි මුල්ගල තැබිමේ උත්සවයේදි කියා සිටියේය.
එමෙන්ම නගර සභා අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටින්නේ පුස්තකාලය මෙම ටෙන්ඩර්කරු වෙතටම ලබාදිම සදහා ඉජිනේරු අංශය තුල ඉතා සියුම් සැලසුම්ගත මෙහෙයුමක් ක්‍රියාත්මකව පැවැති බවත් ඇතැම් ටෙන්ඩර් අයදුම්කරුවන්ව හරවා යවා ඇති බවත්ය.
මේ නිසාම මෑතකදි මෙහි ඇතැම් නිළධාරින් හා ඒ අයගේ පවුල් වල අයට විනෝද චාරිකාවක් යැම සදහාද අදාල කොන්ත්‍රාත්කරු සහය දි ඇතැයි කියැවේ .