මම තවම දේශපාලන තීන්දුවක් අරගෙන නෑ- නාගරික මන්ත්‍රි බන්දුල නාඔටුන්න

0
44

MR 4

මීපුර වෙබ් අඩවියේ පළව තිබුණ පුවතක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මීගමුව ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි බන්දුල නාඔටුන්න කියා සිටියේ තමන් තවමත් දේශපාලන තීන්දුවක් ගෙන නැති බවය.
එමෙන්ම සිතියම් ගත ඇලක් වු තෝප්පුව ඇල ගොඩකිරිමේ කටයුත්තේදි තමන් ඒ සදහා කිසිදු දායකත්වයක් නොදැක්වු බවද ඔහු සදහන් කළේය.
රාජ්‍ය දේපලක් වු සිතියම්ගත ඇලක්  කව්රුන් හෝ ගොඩකිරිමක් සිදුකරනු ලබන අවස්ථාවකදි ඒ ගැන කිසිවක් නොකර නිහඩව සිටිම යනු එයට අනුබල දිමක් නොවේදැයි අප පෙරලා ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහුගේ පිලිතුර සිනහවක් පමණක්ම විය.
තමන් සරත් ගුණරත්න මහතාගේ  මගපෙන්විම යටතේ දේශපාලන කටයුතුවල නියැලුන අයෙකු බවද ඔහු තවදුරටත් කියා සිටි අතර ඔහු තවමත් මීගමුව ආසනයේ ශ්‍රිලනිප සංවිධායකයා ලෙස සිටින නිසා ඔහු හා සමිපව කටයුතු කරන බවද කියා සිටියේය.