”මම තවම මැරුණේ නැහැ” – විකට නළු සෙන්දිල් කියයි.

0
113

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ විකට නළු සෙන්දිල්  (මැයි19) අළුයම හෘදයාබාදයකින් මිය ගිය බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්ථා කර සිටියේය. එම මාධ්‍ය වාර්ථා වල ඔවුන් සදහන් කර තිබුණේ ”දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ විකට නළු සෙන්දිල් අද අළුයම හෘදයාබාදයකින් මිය ගිය බවය
අද අළුයම මොහුට මෙම අභාග්‍යසම්පන්න සිදුවීමට මුහුණ පාන්නට සිදු විය. නළු නිළි සංගමය සහ අජිත් කුමාර්,විජයි ඇතුළු නළු නිළියන් රැසක් ශෝකය ඵල කර සිටි.”  යනුවෙනි.
දෙමළ සිනමාවේ ප්‍රකට නළු සෙන්දිල් මිය ගිය බවට නිකුත් වුණ පවෘත්තිය පිළිබද විස්තර ප්‍රකාශ කර සිටියේය. නළු සෙන්දිල් ඡන්ද ප්‍රචාරක කතිකයෙකු ලෙස වර්ධනය වී එන්නෙකි. එන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තමිල්නාඩුවේ සෑම දිස්ත්‍රික්කයකටම ගොස් ඡන්ද ප්‍රචාරක වැඩ කටයුතු කරමින් සිටිති.

bollywood-actor-senthil-02
ඉන්දියාවේ, මොහු මිය ගොස් ඇති බවට ඊයේ (19)  වට්ස් – ඇප් (Whats app) සහ වෙනත් සමාජ වෙබ් අඩවි මගින් ප්‍රවෘත්ති ඵල විය. මෙම ප්‍රවෘත්තිය බොහෝ දෙනා අතර කතා බහට පත් විය.

නමුත් එම පවෘත්තිය බොරු වගන්තියක් බව සෙන්දිල් කියා සිටියේය. මෙය පිළිබදව ඔහු පවසා සිටියේ, ර්‍”මම ඊයේ තිරුච්චි වල ඡන්ද ප්‍රචාරක වැඩ කටයුතු අවසන් කර හෝටලයක නතර වී සිටියේය. එවිට මාගේ නෑදෑ හිතවතුන් මාගේ දුරකථනයට ඇමතුම් ගෙන කථා කෙරුවේය. එවිට තමයි මේ වගේ ප්‍රවෘත්තියක් පිට වී ඇති බව මට දැන ගන්නට ලැබුණේ. එය අසා මට හිනා ගියේය. එදා මුළු රාත්‍රියේම මට පිටරටවල් වලින් සහ මිතුරන්ගෙන් දුරකථන ඇමතුම් ලැබුණි. එය අසා මට කේන්ති ගියේ නැත. මට ඇති වූ ඇස්වහ කටවහ නැති වුණ බවට මම සිතා ගත්තෙමි. මාගේ ඡන්ද ප්‍රචාරක කටයුතු නැවැත්වීම සදහා මෙවැනි ප්‍රචාර බොහොමයක් ඵල කර ඇත. එවැනි ප්‍රචාර කවුරුත් විශ්වාස කරන්න එපා. මම හොදින් ඉන්නවා” යැයි ඔහු කියා සිටියේය.


අන්තර්ජාලය ඇසුරෙන්/ කේ.ජීසස්  ඩෙනීසියස් ප්‍රනාන්දු

Save