”මම දන්නා තරමට පෙරියමුල්ලේ මාතෘ සායනය දැන් අවුරුදු 50 ක් පරණයි ”

0
201
මෙම ඡායාරෑපය ලිපිය හා සම්බන්ධයක් නොමැත. උපුටාගැනීම අන්තර්ජාලයෙන්
මෙම ඡායාරෑපය ලිපිය හා සම්බන්ධයක් නොමැත. උපුටාගැනීම අන්තර්ජාලයෙන්
මෙම ඡායාරූපය ලිපිය හා සම්බන්ධයක් නොමැත. උපුටාගැනීම අන්තර්ජාලයෙන්

මීගමු ප්‍රෙදේශය 159/ඒ හුණුපිටිය ග්‍රාමසේවා වසමට අයත් පෙරියමුල්ල ප්‍රෙද්ශයේ පදිංචි විශ්‍රාමික රාජ්‍ය නිලධාරිණී කලාභූෂණ කේ.ඒ.රහීම් මහත්මි පෙරියමුල්ල සංවර්ධනය සඳහා  ඉදිරිපත් කරන අදහස් යෝජනා කිහිපයක් මෙසේයි.

මීගමුව ආසනයේ දොරෙන් දොරෙන් දොරෙන්  -ගමෙන් ගමට දැවැන්ත  සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල්  ලක්ෂ 2792 ක මුදලක් ජාතික අයවැය මගින් ,  ප්‍රෙද්ශයේ සම්බන්ධීකරණ  කමිටුවේ  සභාපති වූ ධීවර හා ජලසම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න (පා.ම) මැතිතුමාට ලබාදී ඇති භාග්‍යවන්ත අවස්ථාවේ, අපේ පෙරියමුල්ල ප්‍රෙද්ශයේ සංවර්ධනයට අවශ්‍ය පැතිකඩ ගැන කීම ඉතා යෝග්‍ය  බව සිතමි.
මේ සඳහා පසුගිය 2014 මැයි 12 වෙනි දින පෙ.ව. රැස්වීමක් පැවැත්වූ නමුත් අප ප්‍රෙද්ශයේ  සංවර්ධන ව්‍යාපෘති යෝජනා හෝ අදහස් එක්කෙනෙකු විසින්වත් ඉදිරිපත් ‍කළේ නැත.
ඉදිරිපත් කිරීමට සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොතබා රැස්වීම ඉක්මණට අවසන්වීමත් හේතු වන්නට පුලුවන්ය. රැස්වීමට සහභාගීවුවන්ගෙන් 100ට 80කට වඩා සමුර්ධිලාභීන් බව පෙනී ගියේය.  මෙයින් සෑම මට්ටමකම  ප්‍රජාවගේ සංවර්ධනය අවශ්‍යය බව පෙනී යයි.
ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ යුතු ක්ෂේත්‍ර 11 ක්පමණ සඳහන් කර තිබුණි.
සංවර්ධන යෝජනා –
1) ස්වයං රැකියා අවස්ථාවන්  පමණක් නොව විධිමත් පුහුණුව ද ව්‍යාප්ත කිරීම අවශ්‍යෙව්.
2)  කාණු පද්ධති පාලම් බෝක්කු වතුර , ගලා බසින අයුරු සැකසීම යුතුවේ. මේවායේ කුණු රොඩු පිරි ජලය ගලා බැස නොයෑම නිසා අවහිරවී ලෙඩරෝග පතුරුවන මූළ ස්ථානයක් වී ඇත.
වතුර ගලා යන කාණු බෝක්කු වල කුණු රොඩු දාන පිරිස සොයාබලා දණ්ඩන ක්‍රමයක් වහා ක්‍රියාත්මක කළ යුතුයි.
3) පානීය ජල පහසුකම්
4) විදුලිය දුරකථන  යානාදී යටිතල පහසුකම් පෙරියමුල්ල මායිම් ප්‍රෙද්ශ ඇරෙන්න  පොදුවේ සෑහීමකට  පත්වීමටපුලුවන.
5) පාසල් ගොඩනැගිලි සංවර්ධනය ගැන කීවොත් පෙරියමුල්ල ප්‍රෙද්දශයටම තිබෙන්නාවූ එකම පාසල අල්හිලාල් ම.මහා විද්‍යාලයයි.අවශ්‍ය වූ අවස්තා වල ලැබෙනා පරිදි ගොඩනැගිලි ඉදිවිය.
මෙම විද්‍යාලය දැනටම සියවස කරා ලංවෙන අවසථාවේ  මුල් ආරම්භ කාලයේ ඉදිවුණ ගොඩනැගිල්ල අබලන් තත්ත්වට පත්වී ඇත.ඒ සමග විශාල සංඛ්‍යාත මානව සමුදාය පරිහරණය කරන ප්‍රධාන රැස්වීම් ශාලාව වහාම ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇත.
6) ප්‍රජාශාලා /මාතෘ සායන ඉදිකිරීම්, ප්‍රතිශාලාවක් ඇතොත් එහි ලබන පල ප්‍රෙයා්ජන සමග උගත් නූගත් වැඩිහිටියන්ගේ සුහද හමුවද, සනීපාරක්ෂා උපදෙස් ද පවත්වාලීමට ද අවස්ථා ලැබෙනවා  ඇත.

විධිමත් මාතෘ සායනයක අවශ්‍යතාවය කියලා නිම කරන්න බැරි තරම්ය. දැනටමත් පොඩි  මාතෘ සායනයක් ඇත.
පෙරියමුල්ල ජන සංඛ්‍යාව අනුව මාතෘ සායනයට පැමිණෙන මව්වරුන්ට ද , ළදරුවන් සමග එන මව්වරුන්ට ද වෙනත් පරීක්ෂණ වලට , එන්නත් වලට පැමිණෙන අයට ද අව්වට වැස්සට නොතෙමී සියලු දෙනාට වාඩි ගැනීමට ඉඩ පහසුකමක් තිබේ ද?  සනීපය රැකෙන පරිදි හොඳ වාත්‍රාශ්‍රයක් එළියක් වැටෙන්න ඉඩකඩ තිබේ ද?
මම දන්නා පරිදි අවු 50කට වඩා කාලයක් මේ ප්‍රමාණයේ ඉඩකඩමයි තිබුණේ.  නවීන පන්නයේ මහල් ගොඩනැගිල්ලක් ඉදිකර ප්‍රෙද්ශයේ ජනතාවගේ සෞඛ්‍ය රැකදෙන මාතෘ සායනය සංවර්ධනය  කිරීමට වග බැලිය යුතුය.
07 ) ක්‍රීඩා සහ ක්‍රීඩා පිටිය සංවර්ධනය ක්‍රීඩා කිහිපයක් ඇත.  මළල ක්‍රීඩා පිටි තරග කිහිපයකට  සරිලන පරිදි ඇත්තේ පෙරියමුල්ලේ අල්හිලාල් ම.මහාවිද්‍යාලීය ක්‍රීඩා පිටිය පමණය.එම ක්‍රීඩා පිටිය සංවර්ධනය කරනවාත් සමගම විධිමත්උපදේශකවරු පත්කර විවිධ ක්‍රීඩකයන් බිහිකිරීමට වග බලාගත යුතුය.
8)  පෙරියමුල්ල ප්‍රෙද්ශයේ මාලු වෙළඳපළක් තිබේ නම් ජනතාව හරි අගය කොට සලකයි. පොඩි පොඩි කඩපළ වල් තිබුණාට සතිපොළක් නොමැත.
09) ඒ වගේම ධීවර තොටුපළවල් සංවිධානය , පෙරියමුල්ල ප්‍රෙද්ශයට අසුනොවූවත්  මුහුදුකරේ නියමිත තොටුපළවල් නිරන්තරයෙන් සංවර්ධනය කිරීම මුළු මීගමු ජනතාවගේත් අභිලාෂයයි.
10)  06 වෙනියට කියවූ මාතෘ සායන  සංවර්ධනයත් මෙයට ඇතුළත්. මේ ප්‍රෙද්ශයේ තිබුණ දේශීය ආයුර්වේද බෙහෙත් ශාලාව වසා ඇති නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට හානියක් නොවන්නේ ද ?එය වහා සංවර්ධනය කර ක්‍රියාත්මක කළ යුතුයි.
11) වෙනත් පොදු අවශ්‍යතා -ග්‍රාම නිලධාරී කාර්යාලක් පුස්තකාලයක් සමඟ පරම්පරාවෙන් ගෙයක් ඉඩමක් නැති රැකියා නැති හැකියා නැති,හිඟමනේ බහින්නේ නැති, නියම දුප්පතුන්ගේනිවාස අවශ්‍යතා මහල් නිවාස ක්‍රමයකින් ව් සපුරාලන්න වහාම පියවර ගත යුතුය.