‘‘මම නොකළ වරදකට මේ කරන චෝදනා වලට මම මැරී මැරී ඉපදෙනවා“

0
118
චමිලා  ඝාතනයේ ප්‍රධාන සැකකරු සුදර්ශන බාලගේ අධිකරණයේදී කියයි.
මාර්තු 26 වනදා මීගමුව මහ අධිකරණයේදී විනිසුරු එම්. එම්. ඒ. ගෆූර් මහතා ඉදිරියේදී විශේෂ ප්‍රකාශයක් කරමින් චමිලා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන  වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් 2007 නොවැම්බර් 12 වනදා තමන් මීගමුව රෝහලේදී සිදුකළ රාජකාරි පිළිබදව දීර්ඝ ප්‍රකාශයක් සිදුකළේය.
එදින ඔහු මීගමුව මූලික රෝහලේ සායන යේදි රෝගීන් පරීක්ෂා කළ බවත් පෙ.ව. 7.30 සිට 2.30 වනතෙක් සායනයේ සහ රෝහලේ වෙනත් රාජකාරී වලනිරතවෙමින් සිටි ආකාරය ගැන දීර්ඝ විස්තරයක් ඔහු විසින් සිදු කරන ලදී.
මේ අතරතුර කාලයේදී වෛද්‍ය සුදර්ශන හමුවූ රෝගීන් අතර චමිලා දිසානායකගේ නමක් පිළිබදව නොකියවූ අතර එම කාලය තුළ ඔහු හමුවූ වෙනත් රෝගීන් සහ වෛද්‍යවරුන් ගැන සඳහන් කළේය. රාගම රෝහලේ හෙදියක් ලෙසසේවය කරන ඔහුගේ බිරිදට කම්මුල්ගාය රෝග ලක්ෂණ තිබූ බැවින් එදින අසනීප නිවාඩු දමා සේවයට නොගොස් නිල කාමරය වන 06 වන මහලේ 33 වෙනි කාමරයේ සිටි බවත් , දහවල් 1.30ට පමණ කාමරයට එන විට ඇයට සුවවී ඇය එළියට ගොස් සිටි බව සුදර්ශන බාලගේ පවසා සිටියේය.
නැවත 2-30ට පමණ ඔපරේෂන් කාමරයට පැමිණි විට , ගෑනු ළමයෙක් උඩින් වැටිලා හිසට බරපතල තුවාල වී ඇති නිසා රාගම රෝහලට යැවූ බව දැනගත් බව ඔහු කියා සිටින ලදී.
අවසානයේදී වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් පවසා සිටියේ තමන් කිසිදු වැරැද්දක් කර නොමැති බවත් , කිසිදු මිනීමැරුමක් නොකළ බවත්, මෙන්ම තමන් නිර්දෝෂී බවයි. මරදන්කඩවල ග්‍රාමයේ ඉපිද අධ්‍යාපනය ලබා වෛද්‍යවරයෙකු වූ ඔහුගේ බලාපොරොත්තු වූයේ ශෛල්‍ය වෛද්‍ය විශේෂඥයෙකු වීම බව ද ප්‍රකාශ කළේය.
8469209-physician-notes-and-handcuffs-crime-in-medicine