පාගමනේ යෙදුනු කාන්තාවක් ඔසොවා ගත් පුවරුවක කියැවුනේ ප්රජාතන්ත්රවාදය, යහපාලනය සහ ඉඩම් මුදා හැරීම යන ජනපති මෛත්රී ගේ පොරොන්දු 3 බොරු 3 ක් වී ඇති බවයි.
සති අන්තයේ කන්කසන්තුරේ අධි ආරක්ෂක කලාපය තුල පැවති අක්කර 201.3 ක ඉඩම් නැවත පැවරීමේ උත්සවයකට සහභාගී වෙමින් ආරක්ෂක ලේකම් වරයා විසින් ප්රකාශයට පත් කරන ලද්දේ යාපනය ප්රදේශයේ ඉඩම් අක්කර 3000 ක හමුදාව වාඩි ලාගෙන සිටින බවයි.
යුද හමුදාව වාඩිලාගෙන සිටින තම පාරම්පරික ඉඩම් ආපසු දෙන ලෙස කෙරෙන ඉල්ලීම රැගත් සංදේශයේ පිටපත් ජනපති අගමැති දෙපලට යවනු පිණිස පා ගමන් කරුවන් විසින් යාපනය දිස්ත්රික් ලේකම් නාගලිංගම් වේදනායගම් හට ද භාරදී තිබේ.
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, අතුරුදහන් වුවන් සොයාදෙන ලෙසත් ඉල්ලා සිටි සටන් පාඨ නැගු පා ගමන කැඳවා තිබුනේ වලිකාමම් උතුරේ නැවත පදිංචි කරවීම සහ පුනරුත්ථාපනය සඳහා වන සංවිධානය හා තායියට්ටි ධීවර කම්කරු සමිතිය විසිනි.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්රී වරු ද පාගමනට එක්ව සිටියහ.
www.radiogagana.com
Save
Save