මරණය අභියස සිටි තරුණියකගේ අවසන් ඉල්ලිම වෙනුවෙන් ගී ගැයු කිර්ති

0
252

සුව කළ නොහැකි අන්දමේ රෝගි තත්වයකට ගොදුරුව සිටි 29 වියැති තරුණි බිරිඳක් සිය ජිවිතයෙන් අවාසනාවන්ත ලෙස සමුැනිම පිළිබදව සංවේදි සටහන් කිපයක්ම මේ දිනවල මුහුණු පොතේ හුවමාරු වෙමින් තිබේ.
පහත පළවන්නේ ඉන් එකකි.dinishi 2

……කීර්ති අයියාගේ ‘මනුස්සකම’ අද මුහුණු පොතේ ප්‍රධාන මාතෘකාවයි. ඒ දිනූෂා ප්‍රනාන්දු සූරිය ආරච්චි යුවතියගේ අවසන් මොහොතේ ඇගේ අවසන් ඉල්ලීම ඉටු කරන්නට නිහතමානීව ඉදිරිපත් වූ හින්දා.
ලයාන්විතයා දයාන්විතයෙක් බව රංජීත් මල්ලීත් ලියා තිබුණා.

දිනූෂාගේ ප්‍රියතමයා කීර්ති අයියා. ඒ අතරිනුත් ඈ ප්‍රිය කළේ ප්‍රියතමයා ගේ කඳුළ ඉතිං සමාවෙයන් ගීතයට. අවසන් මොහොතේ ඈට උවමනා වුනේ කීර්ති අයියා ලවා එය සජීවී ලෙස ගායනා කරවන්ට. දෙවරක් නොහිතා ලයාන්විතයා ඊට හදවතින්ම එකඟව ඉදිරිපත් වුනා.

ඔහු ඈ ඉදිරියේ ගැයුවා. ඇය නිදහසේ සතින්ම දෙනෙත් පියා ගත්තා. හරියටම එය චිත්‍රපටයක ජවනිකාවක් වගේ. ඒ වුනාට මේක දින දෙකකට පෙර සිදු වුණු ඇත්ත සිදුවීමක්

සත්තකින්ම කීර්ති අයියා බොහොම යහපත් කළා කරුවෙක් කියා මා දන්නේ මීට අවුරුදු විසි පහක කාලයක ඉඳන්.

මෙවැනි හිත හොඳ මිනිසුන් කේෂ්ත්‍රයට මහත් සම්පතක්.
රජෙක් උනත් වැඩක් නෑ මනුස්සකමක් නැත්නම්.
ඒ අතින් කීර්ති අයියා ‘රජෙක්’

දිගාසිරි වේවා ආදරණීය කීර්ති අයියේ.
මෙන්න මම ඔබව වැළඳගත්තා හදවතින්ම.

දිනූෂා ඔබට සුබ ගමන් නංගී.
උතුම් නිර්වාණ සුවය අත් විඳින්නට ඔබට වාසනා උරුම වේවා..!

 

Write a comment…