මරණය තුරුළු කරගත් මාළු වෙළඳාම …

0
116

පාර අයිනේ මාළු 2කෙරෝනා වසංගතයේ බරපතල තත්වය බ්රැන්ඩික්ස් ආයතනයෙන් ආරම්භවූ නමුත් විශාලතම පොකුර නිර්මාණය වූයේ පෑලියගොඩ මතස්‍ය වෙළඳපොල ආශ්‍රිතව බව මාධ්‍ය සහ සෞඛ්‍ය අංශවලින් දැනුවත් කර තිබින. මේ අතර මීගමුව මහ ලෙල්ලමේ 320 ක පිරිසකගේ PCR පරීක්ෂණ සිදුකරන ලද්දේ පසුගිය සතියේ සිකුරාදාය
දැනට නිකුත් ඇති වාර්ථා 270  ක ප්‍රථිපලින් කියන්නේ කොරෝනා ආසාදිතයන් 50 දෙනකු සිටින බවය
මේ සමස්ථ කරුණු කාරණා මත මීගමව අවදානම් කලාපයක් බවට පත්විය.

මෙම තත්වය පදනම් කර ගනිමින් මීගමු මහ නගරසභාව හදිසි සාකච්ඡාවක් කැඳවු බවත්, මේ සඳහා මීගමව මහ නගරසභාවේ පාලන අධිකාරිය මෙන්ම දේශපාලන අධිකාරියද ඇතුළු වගකිවයුතු අය සහභාගිවූ බවත් දැනගන්නට ලැබින.
එසේ තිබියදී ඉහත සඳහන් කළ පරිදි ඊයේ කොතලාවල පාලම අසල ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නොකරමින් කටයුතු සිදුවීම ඉතා බරපතල තත්වයකි. එය ” මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය ” යන කවිය සිහි ගන්වයි පිටිපන ලෙල්ලමේ සමහර වෙලෙඳුන් හට කොතලාවල පාලම අවට ප්‍රදේශයට යාමට පොලීසිය ඉඩ නොදුන් බවත් , ඒ නිසා තමන් මිලදී ගත් මාළු විකුණා ගැනීමට නොහැකි වූ බවත් කියමින් මැසිවිලි නගනු පෙනින. මේ ගැන පොලීසියෙන් විමසූ කල ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ලෙල්ලමට අදාල කොටස දුන්ගාල් පිටිය පොලීසියට අයිති බවත්, ඒනිසා ඔවුන් ආරක්ෂිත පියවරක් ලෙස මෙසේ ක්‍රියාත්මක වූ බවයි.

ඒ අනුව කොතලාවල පාලම අවට ප්‍රදේශය අයිති වන්නේ මීගමුව පොලීසියටය. මෙහිදී ප්‍රශ්ණය වන්නේ දුන්ගාල් පිටිය පොලීසියට දැනුනු ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණය මීගමුව පොලීසියට පැන නොනැගුනේ ඇයිද? යන්නයි.

කෙසේ නමුත් ධීවරයින් ,අල්ලන මාළු විකුණාගත යුතුය. එසේම එම මාළු මහජනයා මිලදී ගත යුතුය. මේ සියල්ල අතර පවතින භයානක මාරාන්තික තත්වය අවබෝධ කර ගනිමින් , ඒ සඳහා නිසි කලමණාකරණයක් , පාලනයක් පැවතීම අත්‍යවශ්‍ය සාධකයකි. ඊයේ  කොතලාවල පාලම අවට සිදුවීමෙන් ප්‍රකාශ වන්නේ එවැන්නක් නැති බවයි. එනම් මුළු නගරයම අරාජික තත්වයක පැවති බවයි. එසේ නම් අප සියළු දෙනාට ” කාට පවසමි මේ අමාරුව” කියා ඇසීමට සිදුවී ඇත.
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here