මරණවලින් 90% ක් අඩු කරගත හැකිව තිබුන හැටි-GMOA කියයි !

0
55

මෙරට වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් ලක්ෂ තුනකට තවමත් කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලැබී නැතැයි වාර්තා වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ වන විට කොවිඩ් වැළඳී මියයන අයගෙන් සියයට 75 ක්ම වයස අවුරුදු 60 ට වැඩි අය නිසා එම පිරිසට කඩිනමින් එන්නත් ලබාදීම වැදගත් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසු බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

මුලින් සැලසුම් කළ ආකාරයට 60 ට වැඩි ජනතාවට එන්නත් ලබාදුන්නේ නම් මරණවලින් සියයට 90 ක් අඩු කරගත හැකිව තිබූ බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
වෛද්‍යවරුන් ,සෞඛ්‍ය විශේෂඥයන් කලින් සැලසුම් කර තිබුනේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම වෙනත් රටවල් විසින් අනුගමනය කළ වැඩිහිටි ජනගහනයට එන්නත ලබාදිමේදි මුලික ප්‍රමුඛතාවය ලබාදිමටය.
එහෙත් කොරෝනා කාර්ය සාධක බලකායේ හමුදා ලොක්කන් ඒ් තිරණය වෙනස් කොට මුලින් වයස අවුරුදු 30 ට වැඩි අයට එන්නත ලබාදිමට කටයුතු කරතිබුණි.
මේ අනුව දැනට සිදුව ඇති වැඩිහිටි කොරෝනා මරණවලට රජය වගකිව යුතු යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රජයට එරෙහිව කරනු ලබන චෝදනාවෙන් මේ පාලකයන්ට කිසිසේත්ම නිදහස් විය නොහැකි බව ඉතා පැහැදිලිය.