“මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑ” වදන සිහිකැඳවන නගරසභා අයවැය …

0
338

 

NGB MC 2(8.00 am ) අද(9දා) මීගමු මහ නගර සභාවේ වාර්ෂික අයවැය වාර්ථාව ඉදිරිපත් කරන බව ප්‍රකාශිතය. මෙහිදී මේ සඳහා විවිධ අදහස් ,උදහස්ද ඉදිරිපත්වී ඇත. මේ සටහන ඒවෙනුවෙන් සටහන් කර තබන්නේ එය ⁣ඓතිහාසික වන බැවිනි. මන්ද මේ තුළ මීගමු නගරය පාලනය කරන මහජනයා විසින් පත්කළ නියෝජිතයින්ගේ පෞරුෂය පිළිබිඹුවන බැවිනි.
අද මේ නියෝජිතයින් අතර හොඳ පෞරුෂයකින් මුහුණ දෙන ජනතා නියෝජිතයින්ද සිටින බව අපි දනිමු. නමුත් තවත් පිරිසක් වෙනත් පටු පුද්ගලික අවශ්‍යතා සඳහා ජනතාවත් , තමන්වත් පාවාදෙන වර්ගයේ අයත් බවද දන්නෙමු.

ප්‍රජාතන්ත්‍රවාදය යනු තමන්ගේ පාලනය සඳහා තමන් විසින් නියෝජිතයෙකු පත්කර ගන්නා ක්‍රමයයි. අමෙරිකානු ජනාධිපති වරයෙකු වන ඒබ්‍රහම් ලින්කන් ඒ පිළිබඳව කළ ප්‍රසිද්ධ ප්‍රකාශය අනුව “මහජනතාවගේ කැමැත්ත මත මහජනතාව උදෙසා, මහජනතාව විසින් පත්කරගන්නා පාලනය” ලෙස අර්ථකතනය කර ඇත්තේ ඒනිසාය.

මීගමුව මහ නගර සභාවට නගර වාසීන්ගේ කැමැත්ත මත , නගරයේ පාලනය සඳහා තමන්ට අදාල පක්ෂය අනුව නියෝජිතයින් පත්කර ඇත. මෙම නියෝජිතයින් තමන්ට අදාල එකී පක්ෂය මත ජනතාව සමඟ එකඟතාවයකට පැමිණ ඇත. එම එකඟතාවය තුළ විශ්වාසය, අවංකකම ආදී ජනතා නියෝජිතයෙකු ලෙස අවශ්‍ය ගුණාංග රැසක් අන්තර්ගතවේ.

අද(9දා) මීගමු මහනගර සභාව ඉදිරිපත් කරන අයවැය ජනතාවගේ අවශ්‍යතාව නිරූපනය කරන අයවැයක්ද? යන්න පසුගිය දිනවලදී සාකච්ඡා වෙම්න් තිබින. නමුත් සියල්ල තමන්ට අදාල පරිදි වෙනස් කරන පොළොවේ පය⁣ගසා කටයුතු කළ නෙහෙැකි නගරාධිපති වරයෙකුගේ පාලනයක් විසින් නගරයේ ජනතා අවශ්‍යතා ඉටුවන බවක් අප අත්දැක නැත.
මේ ගැන ඒබ්‍රහම් ලින්කන් මහතාගේ අදහස නිරූපනය කරන කියමනක් උපුටා දක්වමි. ” මං නපුරක් කරනවිට එය මට දැනෙනවා. ඒ වගේම හොඳක් කරනවිට මට යහපතක් දැනෙනවා. මගේ ආගම ඒකයි. ඒතුළින් මට රැකවරණය ලැබේවි.”

එසේම තවත් ප්‍රකාශයනයක මෙසේ දැක්වේ. ” පොළොවේ පයගසා ඇවිදින දේශපාලනඤයින් සමාජයෙන් හමුවන්නේ කලාතුරකිනි. ජනතාව ලවා තමාට සර් කියාගැනීමේ ආසාවත්, රථගායත්, වරප්‍රසාදත්, අයතා වාසිත් නිසා ජනතාව විසින් පත්කර යැවූ නියෝජිතයින්ට මුල අමතකවී තිබීම සාමාන්‍ය දෙයක් වී ඇත.
මේ අනුව මීගමු ජනතාවට අප මෙසේ පවසමු.
පුරවැසියනි! ඔබ පත්කළ ඔබේ නගර සභා නියෝජිතයා අද දින ඔබ වෙනුවෙන් , ඔබේ කැමැත්ත ඉටු කිරීම සඳහා කටයුතු කරන පෞරුෂයකින් යුතුව හැසිරේද? යන්න තුළින් ඔබ නිවැරදි තීන්දුවක් ගෙන ඇත්ද යන්න තීරණය වන බවයි.

සැම්සන් ඥනසිරි