මර්ධනයට එරෙහිව මාධ්‍ය සංවිධාන හෙට පාරට !!!

0
97

media-killingමාධ්‍යවේදීන්ට පහර දීමට එරෙහිව මාධ්‍ය සංවිධාන හෙට (7) අනුරාධපුර නගරයේදී උද්ඝෝශණයක් පැවැත් වීමට තිරණය කර ඇත. උතරුමැද මාධ්‍ය සංවිධානය මෙම උත්ඝෝශණය සංවිධානය කරනු ලබන අතර ක‍්‍රියාකාරි මාධ්‍ය සංවිධාන රැසක් එම උද්ඝෝශනයට සහය පල කරමින් ඊට සහභාගී වීමට නියමිතය. 

ඊයේ (5) එප්පාවල නගරයේදි මාධ්‍යවේ්දී තිසර සෝමරත්න මහතාට පහර දීම හා ඔහු රෝහල් ගතවූ පසු රොහලෙන් පිට නොවන්නේ නම් මවුපියන් මරා දමන බවට අද (6) තර්ජනය කිරීමත් වරින් වර මාධ්‍යවෙදීන්ට එරෙහිව දේශපාලන බලයක් සහිත මැරයන් ආණ්ඩව විසින් යෙදා ගැනීමට විරැද්ධව මෙම උද්ඝෝශණය පැවැත්වෙනු ඇත.

මේ අතර මාධ්‍ය නිදහස රටතුල තහවුරු කරන ලෙස ආණ්ඩුවට කොතෙක් බලපෑම් කලද ඒ සඳහා බලධාරීන් පියවර නොගන්නා බව මාධ්‍ය සංවිධාන චෝදනා කරයි

පසුගියදා කොලොන්නාව නගරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ රැළියක දී ප‍්‍රකාශ කලේ 70 % මාධ්‍යෙවීදීන් ආණ්ඩුවට එරෙහිව කරුණු දක්වන බවයි .ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා බීබීසී ගුවන් විදුලි සේවය අමතමින් ඊයේ (5) ප‍්‍රකාශ කලේ විද්‍යුත් මාධ්‍ය දේශපාලන වැඩ සටහන් වලදී නින්දිත ලෙස කටයුතු කරන බවයි.
lankaherald