මරුකැඳවන දළුපත පදික මාරුවට විසඳුමක් ?

0
265

IMG-20200123-WA0025

මීගමුව , දළුපත දේවස්ථානය ඉදිරිපිට ඇති කහඉර මාරුවීමේදී පසුගිය 3දා දළුපත ප්‍රදේශයේ තරුණයෙකු මියගිය පසුව මෙම ස්ථානයේ අවධානම ගැන ප්‍රදේශවාසීන් අතර කතාබහක් ඇතිවිය . එයට හේතුව වූයේ මෙසේ මියගිය එකම පුද්ගලයා මෙම තරුණයා නොවීමය. දළුපත ප්‍රජා පොලිස් ඒකකයේ සභාපති වන මාකස් මහතාගේ බිරිඳ සහ තම සහෝදරයා මිය ගියේද මෙම කහ ඉර මතය. මේ වනවිට එම සංඛ්‍යාව 25ක් බව මාකස් මහතා පවසයි . ⁣ඒනිසා දළුපත ප්‍රජා පොලිස් ඒකකය ද මේ සඳහා මැදිහත් වී මීගමුව පොලීසිය වෙත මෙහි තත්වය පැහැදිළි කර ලිපියක් ඉදිරිපත් කරන ලදී .

එහිදී මීගමු පොලීසිය , මාර්ග සංවර්ධන අධිකාරිය සහ දළුපත ප්‍රජාපොලිස් ඒකකය එකතුවී මේ පිළිබඳව කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ මෙම ස්ථානය පරීක්ෂා කරන ලදී මාර්ග සංවර්ධනඅධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු මහත්මිය වන තුෂාරි මහත්මිය සහ තාක්ෂණ නිලධාරි ජයසිංහ මහතා මේ සඳහා පැමිණ සිටි අතර මේ පිළිබඳව ප්‍රජා පොලිස් ඒකකයේ යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇත . මේ පිළිබඳව හෙට දිනයේදී තම යෝජනා ඉදිරිපත් කරන බව මාකස් මහතා පොරොන්දු වී ඇත .
දැනටමත් සාකච්ඡා කර ඇති එම පොරොන්දු අතර වේගසීමා පුවරුවක් සවිකිරීම , කුඩා ගැටි දැමීම , මෙම ස්ථානයේ අවධානම ගැන කියා දැන්වීම් පුවරුවක් සවිකිරීම ආදීවශයෙන් විය.