මරු කපොල්ලක් වූ වෙන්නප්පුව මිරිස්සන්කොටුව දුම්රිය හරස් මාර්ගය..

0
63

කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ බෝලවත්ත හා බොරලැස්ස දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති වෙන්නප්පුව මිරිස්සන්කොටුව දුම්රිය හරස් මාර්ගය ජනතාවට මරු කපොල්ලක් වි ඇති බව ප්‍රදේශවාසින් පවසයි. මාස ගණනාවකට පෙර අලුතින් කලුගල් අතුරා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරිමේදි එම හරස් මාර්ගය හරහා දමා ඇති කලුගල් ස්ථරය පොලවට ගිලාබැසිම හේතුවෙන් රේල් පීළි ඉහළට නෙරා ඇති නිසා යතුරු පැදිකරුවන් ත්‍රිරෝද රථ රියදුරන් හා මෝටර් රථ එම ස්ථානයේ හිරවීම නිසා විශාල අවදානමක් ඇති බව ජනතාව පවසයි. මේ පිළිබඳව දුම්රිය බළධාරින්ට හා ප්‍රදේශයේ සිවිල් අරක්ෂක කමිටු වලට දැනුම් දුන්නත් මෙතෙක් විසඳුමක් ලැබි නොමැති බවත් ජිවිත හා දේපළ හානියක් වීමට පෙර මෙම අනතුරුදායක දුම්රිය හරස් මාර්ගය සම්බන්ධයෙන් බළධාරින්ගේ අවදානය යොමු කරන ලෙස ජනතාව ඉල්ලා සිටි.

ch

 

සටහන හා ඡායාරූප –  චන්දන ප්‍රනාන්දු