මලයාලම් සිනමාව ලෝක  සිනමාව ජයගනියිද ?

0
219


සිනමා කර්මාන්තය පිළිබඳව කතාබහ කරන ජාත්‍යන්තර බොහෝ මාධ්‍යයන් පවසන්නේ ඉන්දියාවේ හින්දි සිනමාව අභිබවා ලෝකය පුරා ඉන්දියාවේ කෙරළය ප්‍රාන්තය තුළ නිෂ්පාදනය වන මලයාලම් චිත්‍රපට වලට ඉතා වැඩි ඉල්ලුමක් ඇති වෙමින් පවතින බවයි.

img 20241121 wa00204257396102619312197
img 20241121 wa00214309518611485290435
img 20241121 wa00186182415914531567247

කැනඩාව, ඇමෙරිකාව, රුසියාව සහ යුරෝපා රටවල මෙන්ම ඕස්ට්‍රේලියාව වැනි රටවලද මෙම චිත්‍රපටය ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වන අතර ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මලයාලම් සිනමාව තුළින් කතා කරන එකට එකක් වෙනස්වූ කතා තේමාවන්ය.
ඉන්දියානු නළු නිළියන්ගේ අතිශයින්ම ස්වභාවික රංගනයන්ගෙන් මෙම චිත්‍රපටි පෝෂණය වී ඇති අතර ජනප්‍රිය සිනමාවේ බොහෝ ලක්ෂණ මේවායේ ඇතුළත් වන අතරම සම්භාවය මට්ටමේ කතා තේමාවන්ද ඔවුන් උපයෝගී කර ගනී.
මුල සිට අගට විහිදී යන කතා තේමාවන් සේම අග මුල මැද පටලවමින් දැඩි කුතුහලයකින් යුතුව නිර්මාණය වන චිත්‍රපට කෙරෙහි ප්‍රේක්ෂක අවධානය වැඩියෙන් යොමු වී ඇති බවක් දැන් දැනගත හැක.
විවිධ පසුතලයන් තුළ නවීන උපකරණ භාවිතා කරමින් නිර්මාණය වන චිත්‍රපට වල තිරය ඔස්සේ ප්‍රක්ෂේපණය වන දර්ශනය තුළ පවතින ගුණාත්මක සහ ස්වභාවිකත්වය නිසා ප්‍රේක්ෂකයින් එම චිත්‍රපට වලට වඩ වඩා ඇලුම් කරන්නට පටන් ගෙන ඇත.
පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා කිහිපයක් ඔස්සේම අතිශයින් ජනප්‍රිය මලයාලම් චිත්‍රපට විකාශනය වූ අතර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට මෙම චිත්‍රපට වඩාත් සමීප වන්නේ කේරළය ප්‍රාන්තයේ සහ ශ්‍රී ලංකාවේ ඇති ස්වභාවික සමානාත්මතාවය නිසාම මෙන්ම ඒවායේ නිරූපණය වන චරිත අපට බෙහෙවින් සමීප නිසාය.

අරුණ ශාන්ත නෝනිස්
2024.11.18.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here