මල්තුහින නොවේ මේ යාපනේ………

0
133

nayanahari2009 අවුරුද්දෙන් පස්සේ කොට් සංවිධානය කරල දෙමළ මිනිස්සු මරල ලබා ගත්තයි කියන නිදහසත් එක්ක දකුණේ මිනිස්සු හරියට යාපනේට විනෝද චාරිකා යන්න පටන් ගත්ත. දෙමල මිනිහගේ සංස්කෘතිය ඉතිහාසය එහෙම් පිටින්ම විනාශ කරල කොන්ක්‍රිට් පාරවල් වලින් උස් ගොඩනැගිලි වලින් ඒ වැරැද්ද වහ ගන්න මේ පාලකයෝ උත්සාහ කරනවා දකුණේ මිනිසුන්ට දැන් කිසි ප්‍රශ්නයක් නැතිව යාපනේ මිනිස්සු හරි විනෝදෙන් ඉන්නවා. ඒ සිතුවිල්ලත් එක්ක යාපනේ යන දකුණේ හැම මිනිහම තමන්ගෙ හිතේ උත්තරයක් තියගෙන යාපනේදි තමන්ට හම්බ වෙන ටිකක් හරි සිංහල පුලූවන් මිනිස්සුන්ගෙන් ප්‍රශ්නයක් අහනව දැන් කොහොමද යුද්දෙ නැහැනේ ඔයලා සංන්තෝසෙන් ඉන්නවා නේද කියල. ඇත්තටම දෙමල මිනිසුන්ට හිතට එක`ගව දෙන්න උත්තරයක් තියනවද මහ ජාතියට පෑගිලා එන්න දෙමලූන් දෙන උත්තරේට උන්ගේම හිත් එක`ගද?
යුද්දයේ  අශ්වාදයෙන් යාපනේට විනෝදය හොයාගෙන යන දකුණේ මිනිසුන්ට අමතක වු යාපනේ මිනිසුන්ගේ දුක, වේදනාව, බලාපොරොත්තු විරහිත ජිවිතය පිලිබ`දව ඇය තම මාධ්‍ය ඔස්සේ දකුණේ සිංහලයට සහ ඇයගේම වයසේ නයිට් රේස් යන නයිට් ක්ලබ් යන තාරුණ්‍යයට ආමාන්ත්‍රනය කරනවා
ඇය නමින් නයනහාරි අබේනායක ලාල් හෑගොඩ සේයා ශිල්ප නිකේතනයෙන් ජායාරූප ශිල්පය පිලිබ`දව හැදෑරු ඇය තම මාධ්‍ය ඔස්සේ මිනිසුන්ගේ ජනජිවතය සොයා යනවා එසේ සොයා යන ගමනේ දී ඇයට හමුවන පශ්චාත් යුධ සමයේ අතරමං වී ඇති යාපනේ ජිවිත පිලිබ`දව සිය පලමු ජායාරූප ප්‍රදර්ශනයෙන් දකුණේ සමාජයට ඇය මෙසේ ඉදිරිපත් කරනවා.
— යාපනය කියන්නේ බොහෝ කාලයක් සන්නද කණ්ඩායම් වලින් පීඩාවට පත්වුන ජනතාවක් සිටින ප්‍රදේශයක්, ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ ජිවිත බලා ගන්න මට ලොකු අවශ්‍යතාවක් තිබුන. කටින් කියන්නවත් ලේඛනයටත් මගේ දක්ෂකමක් නැහැ ඒ නිසා මට දැනුමක් තියන ජායාරූප කලාව හරහා යාපනේ ජන ජිවිත දෙස සොයා බැලීමයි මට උවමනා වුනේ.
යාපනේට ගියාම දැනුන සිතුන දේවල් ලියන්නවත් කියන්නවත් මට හැකියවක් නැහැ හැබැයි මෙහෙම හිතෙනවා දෙමළ වෙලා ඉපදුනානම් එහෙමත් නැත්නම් ඔවුන් සම`ග අවුරුදු ගානක් හිටියනම් මේ  ගත්ත පින්තුර තවත්  දියුනු වෙන්න තිබුනා.
යාපනේදි අහන්න දකින්න ලැබුණ කතා වලින් එකක් දෙකක් කියන්නම් යාපනේ දරුවො බොහොමයක් පැසල් යන්නේ පයින් නැත්නම් බයිසිකලේ ගැහැණු ළමයිනුත් එහෙමයි. බයිසිකල් හත් අට සීයක් පාසල් ඉස්සරහ නවත්තලා තියෙනවා ඒ ළමයි ඉගෙන ගන්න කොච්චර මහන්සි වෙනවද කියල හිතෙනවා. මෙහෙ වගේ පහසුකම් නැතැත් එහෙත් ටියුෂන් පන්ති තියෙනවා පන්ති වල වහල පොල් අතු හැබැයි හො`දට උගන්වනවා. ලියවන පට්ටලේක මහත්මයෙක් හමිබ වුනා ඔහු එක්ක කථා කලමා දැනුන ඔහු මහා උගත් ගුරුවරයෙක් කියලා හවසට පට්ටලේ වැඩ.
අපි එක ගෙදරකට ගියා ඒ අම්ම ඉඩම සුද්ද කරල වැස්ස වැටෙනකම් බලන් ඉන්නවා වගා කරන්න අපි ඉද්දි ඒ අම්මට කෝල් එකක් ආවා පැය භාගයක් විතර කථා කලා අපි ඇහුව මොනවද කථා කලේ කියල ඒ අම්මට දරුවො පස් දෙනෙක් ඉන්නව යුරෝපා රට වල ඔවුන් දොස්තරවරු, ඉන්ජිනේරුවරු වගේ දකුණේ අය ඉහළින් සලකන රැකියවල් කරන්නෙ කියල ඒ වෙලාවේ දැන ගත්තෙ.
තවත් ගෙදරකදි මගේම වයසේ කාන්තාවක් හමුවුනා ඇයගේ එක අතක් නැහැ ස්වාමි පුරුෂයත් නැහැ ඇය තමන්ගේ ළමයින්ට ඉන්න ගෙයක් හදනවා.
අපේ තාත්තා මට කතාවක් කියල තිබුණා යුද්දය දරුණුවටම තිබුණ කාලේ වැරදීමකින් යා`ඵවෝ දෙන්නෙක් එක්ක තාත්තට කාත්තන්කුඩි යන්න වුනාලූ. එහෙ ගෙවල් වල තාප්ප වල වැටවල් වල හැම එකේම කුඩා සිදුරු තිබුනලූ ඒ ගැන තාත්තල අහපුවම දවල්ට එක සන්නද්ධ කණ්ඩායමක් රැට තවත් සන්නද්ධ කණ්ඩායමක් ඔවුන්ව බලා ගන්නවලූ ඒ කාලේ එකිනෙකට පස මිතුරු ඒ සන්නද්ධ කණ්ඩායම් දිහා බලන්න ඒ සිදුරු හදා ගෙන තිබුනලූ අපි මෑතදී එහි ගියාම සිදුරුත් නැහැ මිනිස්සුත් නැහැ සමහර ගෙවල් වල.
අපි දවසක් ගාල්ලෙ පින්තුරු ගද්දි උසාවිය ල`ග විශාල දෙමළ පිරිසක් ඔවුන් ගාල්ලට ආගන්තුක බව දැනුන ඕස්ෙටි්‍රලියා සිහිනේ දකින්න සුදානම් කියලා අල්ලගෙන පොඩි ළමයි ගැබ්නි මව්වරු ගම යාපනේ ඇයි දුක් වි`දගෙන ඕස්ෙටි්‍රලියාවට යන්නෙ කියන ප්‍රශ්නය හැම කෙනෙක්ම කථා නොකලට දන්නවනේ.
වයසක කාන්තාවක් හමුවුණා රුවන්වැල්ලෙ වත්තක හිටපු කාන්තාවක් 77 දී ගහල යාපනේට ගිහින් දාපු පිරිසෙන් එක්කෙනෙක් ඒත් යුද්ද කාලේ ඉන්න බැරුව ඉන්දීයාවට ගිහින් ආපු කෙනෙක් ඇය කිවිවෙ උතුරත් දකුණත් අපිට එක වගේ කියලයි.
ඔවුගේ ජායාරූප දකුණේ පෙන්වන්නයි මට ඕන වුනේ. මොකද යාපනේ  ඉන්නෙත් අපේම සහෝදර ජනතාවක් ඔවුගේ ජිවිතේ අපිට දැනෙන හා නොදැනෙන දේ සහ ගන්න පුලූවන් දේ බොහෝමයි.
අපේ තාත්තා 5 ශිෂ්‍යත්වය පාස් වෙලා සෙන්ට්‍රල් ඉස්කොලෙකට ඇතුලත්ව වුනාලූ. ඒකේ සිංහල ඉංග්‍රීසි හි දෙමල මාධ්‍ය තුනම තිබුණලූ මේ ඉස්කොලේ දෙමළ ගුරුවරු ( ඉන්දියාවෙන් අපු සහ යාපනේ අය) ඊීක‍ලඊ් උපාධීධාරී. ඒත් ඇදගෙන ඉන්නෙ සරමයි කමිසෙයි දෙමළ ඌරුවට උගන්වනවා විතරක් නෙමෙයි ඉන්නෙත් ආදාර්ශමත් විදියට. සිංහල හො`ද ගුරුවරුත් හිටියා ඒත් සමහරු ටයි කෝටි දාගෙන තමන් ගත්ත උපාධියේ ලොකුකම ම ළමයින්ට කියනවලූ.
තාත්තා කිව්වා විතරක් නෙවේ 83 ජුලි කලබලෙන් පස්සේ දකුනේ අපට දෙමළ අයගෙන් ගන්න තිබුණ දේවල් (ගුණාංග) නැති වුනා විශේෂයෙන්ම දකුනේ දුප්පත් මුස්ලිම් අයට වෙච්ච පාඩුව විශාලයි. 83 තලින් ඉස්කොලවල උසස් පෙළ විද්‍යාව වාණිජ වගේ දේවල් ඉගැන්නුවේ යාපනෙන් ආපු දෙමළ ගුරුවරු ඔවුන් ගියාම දැන් දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්න ගුරුවරු නැති නිසා මඩකලපුව මන්නාරම වගේ ප්‍රදේශ වල පාසල් වලට යන්න වෙලා දුප්පත් දෙමළ මාධ්‍ය දරුවන්ට වෙච්ච දේ.
ඉතින් යාපනෙන් ගන්න තියන දේ සහ දැන් ඒ මිනිස්සුනගේ ජිවිතේ අපේ පරම්පරාවට පෙන්වන එක අපේ වගකීම ඒ වගකීම ඉෂ්ඨ වෙලා ද නැද්ද බලන්න ජුනි 20,21,22 ලයනල් වෙන්ඩ් කලාගාරායට හැමෝටම ආරාධනා කරනවා. අපේ අඩුපාඩු කියන්න උදේ 08.30 සිට රාත්‍රී 08.30 දක්වා දවස් තුනේම විවෘතයි…… ˜