මල්මාලා මදිවුණාද ?

0
303

lalith dencil 1(7.45 am ) සුහදසේවා ආයතනය විසින් අභිනවයෙන් පිළිසකර කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරිම පසුගියදා සිදුවිය.
මේ අවස්ථාවට එක්ව සිටි මීගමුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් ප්‍රනාන්දු මල්මාලාවක් යොදා පිළිගැනිමට සමුපකාරයේ බලධාරින් අපොහොසත්ව තිබුණි.
මෙය අත්වැරදිමක්ද නැතිනම් කැපිල්ලක්ද යන්න ගැන කථා බහක් මේ උත්සය භුමිය තුලදිම සිදුව තිබුණි
මේ සදහා සැකසු ඇරයුම් පතේද ලලිත් ටෙන්සිල් ඇතුළු තවත් අය ගැන සදහන් විය.
මේ අනුව ඒ සියල්ල පිළිගන්නට නම් අවැසි ප්‍රමාණයට මල්මාලා තිබිය යුතුය.
තතු එසේව තිබියදි ලලිත් ට මේ කැපිල්ල සිදුකරන ලද්දේ කව්ද මිලියන් ගණන් වැය කර ඉදිකරන ලද මේ ගොඩනැගිල්ල විවෘත කිරිමට ආරාධනා ප්‍රධාන ආරධිතයන් මෙසේ අපහසුවට පත්කිරිම පිළිබදව බරපතල දෝෂාරෝපණයක් සමුප බලධාරින් වෙත දැනටමත් එල්ලව තිබේ