මල්ලිට අවස්ථාවක් දෙන්න යැයි නිමල් ලංසා කළ ඉල්ලිමට ප්‍රසන්න රණතුංග බෑ කියයි?

0
89

ප්‍රසන්න රණතුං

මීගමුවේ ශ්‍රිලනිප දේශපාලනය අර්බුද ගණනාවක් හරහා ගමන් කරමින් තිබේ.
ඒ තුල දැන් යළි පෑස්සිය නොහැකි පැල්ලමක්ද නිර්මාණය වි තිබේ.
එනම් මහින්ද පිළ සහ මෛත්‍රි පිළ වශයෙනි.
මහින්ද පිළේ මීගමුව නායකත්වය පළාත් සභා මන්ත්‍රි එම් සකාවුල්ලා හට හිමිව තිබේ. නගාරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන සහ නාගරික මන්ත්‍රි බන්දුල නාඔුටන්නද මේ පිළේ ක්‍රියාකාරින්ය.
මේ අතර නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා කෙසේ හෝ සිය සහෝදරයාගේ අතිජාත දේශපාලන මිතුරා වන බැසිල් රාජපක්ෂ හරහා මහින්ද පිළට පාලමක් තනා ගැනිමේ උත්සාහක පසුගිය දින කිපය තුල නිරතව සිටියේය.
ඒ සදහා තෝල්ක කම් කිරිම සදහා නගාරික මන්ත්‍රින් පිරිසක්ද යොදවා තිබුණි.
එහෙත් පසුගිය දිනක මීගමුවට පැමිණි මහින්ද පිළේ ප්‍රබලයෙකු වන හිටුප මහඇමති ප්‍රසන්න රණතුංග කියා සිටියේ ලංසාලාට දැන් මහින්ද පිළේ ඉඩක් නැති බවය.එමෙන්ම එම රැස්විමේදි ඔහු කියා සිටියේ නියෝජ්‍ය ඇමැති නිමල් ලංසා තමා හට කථාකරමින්  දායන් ලංසා ඇතුළු මන්ත්‍රි පිරිසකට තමාව හමුවිමට අවස්ථාවක් ලබා දෙන ඉල්ලා සිටි බවද හෙළිකළේය.
යහපාලනයෙන් නියෝජ්‍ය නගරාධිපතිධුරය පමණක් නොව  නියෝජ්‍ය ඇමති නිමල් ලංසා පුද්ගලික ලේකම්ධුරය දරමින් ඒ සියළු වරප්‍රසාද මේ දිනවල යොදමින් සිටින්නේ කෙසේ හෝ මහින්ද පිළට ජැක් එක ගසා ගැනිම සදහා යැයි නම සදහන් නොකළ මීගමුවේ මහින්ද පිළේ ප්‍රබලයෙක් මීපුර වෙබ් අඩවියට කියා සිටියේය.
අද මීගමුව මහනගර සභාවේදි පැවැත්විමට නියමිත රැස්විමද එහි තවත් පියවරකි.