මල්වෙඩි නිසා ඇවිළුනු ගින්න තුළින් මතුවූ මිනිස් කම.

0
233

IMG-20200220-WA0054

ඊයේ ( 20 ) රාත්‍රි 11.00ට පමණ මීගමුව බස් ඩිපෝව පිටුපස කොටසක ගිනිගැනීමක් සිදුවිය. මෙම ගින්න කිසිවෙකු වුවමනාවෙන් ඇතිකළ ගින්නක් නොව. නිවසක පත්තුකළ මල්වෙඩිල්ලක කොටසක් මෙම ස්ථානයට වැටීමෙන් ඇතිවූ ගිනිගැනීමක් බව පැහැදිළිය.
නමුත් මේවනවිට මෙවැනි ආකාරයෙන් ගිනිගැනීම් මේදිනවල සිදුවන්නේ දැඩි උනුසුම් තත්වයක් පවතින නිසා බව අවබෝධ කර ගැනීමද වැදගත්ය . පසුගිය දිනවලදී සීදූව, මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය අසල ආදී වශයෙන් සථාන දෙකක ගිනිගැනීම් සිදුවී ඇත . එබැවින් මේගැන අවධාවයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කරණයක් බව කිවයුතුය .
කෙසේ නමුත් බස් ඩිපෝව පිටුපස ඇතිවූ ගින්න නිවීම සඳහා අවට සිටින මුස්ලිම් ජාතික පිරිසක් මැදිහත් වූ ආකාරය ගැන යම් සටහනක් තැබීමද වැදගත් යැයි හැඟින.
පසුගිය කාලය තුළ ජාතිවාදී ලෙස මෙම ජනතාව උසිගැන්වීමේ වුවමනාව මත දේශපාලකයින් සහ ඔවුන්ගේ හෙංචයියන් සමාජය තුළ ක්‍රියාත්මක වූ ආකාරය අපි දැක්කෙමු . ඒ ඔවුන්ගේ බල ව්‍යාපෘතියට අනුව සිදුවූ දෙයක් බව පැහැදිළිව පෙනින .
නමුත් ඉන්පසුව මෙම ජනතාව සමඟි කිරීමේ වුවමනාවද සමාජයේ විවිධ තැන්වලින් මතුවන ආකාරය දැකගත හැකි විය . නමුත් සමහර පිරිස් ඉහතකී ගින්න නිවනවා වෙනුවට එම ඇවිලෙන ගින්නට පිදුරු දැමීම සිදුවූ ආකාරය අපි දැක්කෙමු . නමුත් මීගමුව බස් ඩිපෝව පිටුපස ගින්නට මෙම මුස්ලිම් ජනතාව වතුර ඉසින ලදී . මෙය මීගමු නගරයේ ජාතිකත්වය අනුව බෙදා වෙන්කොට සළකා කටයුතු කරන සියළු දෙනාට ලබාදෙන්නේ යහපත් ආදර්ශයකි. ඒ නිසා මිනිසුන් නිදිගත් මොහොතක වුවද මෙම මැදිහත් වීම පිළිබඳව අප අපගේ ස්තුතිය ඔවුන්ට පිරිනමමු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here