”මල් ” බලන්න තායිලන්තෙට ගිය වයඹ මන්ත්‍රිලා…..

0
100

කෝටි ගණනක මුදල් වැය කරමින් වයඹ පළාත් සභා මන්ත්‍රිවරුන් විසින් තායිලන්තය සහ චීනය බලා යෑමට සැලැසුම් කර තිබුන විනෝද චාරිකාව පිළිබදව   පසුගිය කාලයේ වඩාත් සංවාදයට ලක්වුයේ එය තහනමට ලක්විමත් සමගින්ය.
කෙසේ වෙතත් ඒ වන විටත් මන්ත්‍රින් 17 දෙනෙක් පිටත්ව ගොස් තිබුණි.
මේ කණ්ඩායමට එජාප මන්ත්‍රින්  දෙදෙනෙකුද ඇතුළත්ව තිබුණ අතර මේ දෙදෙනාම සජිත්වාදින් ලෙසින් පුත්තලමේ කටයුතු කළ අයවලුන් විමද මෙහි ඇති විශේෂත්වයකි.
මේසා මුදලක් වැය කරමින් මේ මන්ත්‍රිලා මේ චාරිකාවේ යෙදි ඇත්තේ මල් ඇතුළු තවත් දෑ බලන්නට යැයි කථා බහක් මේ දිනවල වයඹ පළාත් සභාව තුල කථාවන්නට පටන් ගෙන තිබේ.
එය සනාථ කරමින් මේ එක් මන්ත්‍රිවරයෙක් සිය ෆේස් බුක් අඩවියේ මේ මල් වල පින්තුරද සමගින් වැකියක් ලියා තිබේ.
මල් නම් මොනතරම් ලස්සනද නමුත් ????
යැයි එහි සදහන්ය.
මේ වැකිය ගැන විමසන ඔහුගේ හිතවතුන් අසා ඇත්තේ  ”මන්ත්‍රිතුමා කියන්නේ මොන මල් ගැනද ”යනුවෙනි.
මේ ගමන සදහා එජාපය නියෝජනය කරමින් ප්‍රියන්ත අශෝක සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රිවරුන් සහභාගිව සිටියහ.
priyantha asoka

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here