අද (ජුනි 04 ) වනදා මව්බිම සහ දිවයින යන පුවත්පත් වල බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතාගේ රියදුරු , පුද්ගලයන් 06 දෙනෙකු කුඩු සමග අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා කර තිබේ.
මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අද දහවල් 11.00 මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් රොයිස් විජිත මහතා විශේෂ ප්‍රකාශයක් කරන ලදී.
මෙම පුවත්පත් වල පළවී ඇති පරිදි කුඩුත් සමග අත්අඩංගුවට පත්වී ඇති මේ සැකකරු තමාගේ රියදුරා බවට ඔප්පු කළහොත් තමන්ගේ සියලු තනතුරු වලින් සහ දේශපාලනයෙන් ඉල්ලා අස්වන බවට පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතා එහිදී ප්‍රකාශ කළ අතර තමාගේ බස්නාහිර පළාත් සභා වැටුපෙන් නඩත්තුවන රියදුරු මහතා මේ මොහොතේත් තමන් සමග සිටින බවද මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම මෙම පුවත්පත් සාකච්ජාවට සම්බන්ධ වි සිටි දිවයින සහ මව්බිම ප්‍රාදේශිය වාර්තාකරුවන් පවසා සිටියේ තමන්ගේ පුවත්පත් පළව ඇති මේපුවත ගැන ඔවුන්ද නොදන්නා බවයි.
සබැදි පුවත් – http://www.divaina.com/2015/06/04/news05.html