කිලිනොච්චිය ධර්මපුරම් මුසලම්පිඩ්ඩි නිවාස යෝජනා ක්රමයේ සිට පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් ජෙයකුමාරි මව හා විභුෂිකා නැමැති 13 හැවිරිදි දැරිය වහා නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් 2014 මාර්තු 15 වනදා සවස වව්නියා බස් නැවතුම්පොල ඉදිරිපිට දි පවත්වන ලදි.
අතුරදහන් කිරිම් වලට එරෙහිව මේ මව සහ දියණිය පසුගිය කාලය පුරා පැවැති සියළු පැවැති සියළු උද්ඝෝෂණයන්හිදි පෙරමුණ ගෙන කටයුතු කරන ලදි.
විශේෂයෙන්ම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබදව මහකොමසාරිස් නවිපිල්ලේ මහත්මිය පසුගිය වසරේ යාපනයට පැමිණි අවස්ථාෙව් පැවැති උද්ඝෝෂණයෙදි ගනු ලැබු ජෙයකුමාරිගේ සහ විභුසිකාගේ ජායරූප මුළු ලෝකය පුරාම අවධානයට යොමුවන සේ මාධ්‍ය ඔස්සේ අවධානයට ගැණුනි .
ජෙයකුමාරි දැනට පොලිසිය විසින් අත්අඩංගුට ගෙන බුස්ස රැදුවම් කදවුරු වෙත යවා ඇති බව වාර්ථා වේ.එමෙන්ම විභුසිකා දියණිය වව්නියාව රෝහල භාරයේ පවතින බව වාර්ථාවේ