මස්කඩ හිමියන්ගෙන් මුදල් ගත්තු කතාවට මම සම්බන්ධ නෑ- නියෝජ්‍ය නගරාධිපති කියයි !

0
114

නිමල් ෆරිස්(9.30 am ) මිගමුවේ මස්කඩ හිමියන් විසින් පිටින් ගෙන එනු ලබන මස් කිලොවක් සදහා රු 10 ක මුදලක් සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා විසින්  ඉල්ලා ඇතැයි කියමින් මස්කඩ හිමියන් අදාල බලධාරින් සියල්ල ඊයේ දිනයේ දැනුවත් කර තිබුණි.
මෙම මුදල් ගණුදෙණුව පිටුපස නියෝජ්‍ය නගරාධිපති ෆරිස්ද සිටින බවට පැවැති රාවය ගැන මිපුර වෙබ් අඩවියට අද උදෑසන කථාකරමින් කියා සිටියේ තමන් මේ මුදල් ගැනිමට කිසිදු සම්බන්ධක් නැති බවය.
මෙහිදි මතුවන ගැටලුව වන්නේ එසේ නම් මේ මුදල් ගණුදෙනු පිටුපස සිටින අනිකුත් ප්‍රබලයන් කව්රුන්ද යන්නය.
තතු කෙසේ වුවද නගරාධිපති තනතුර ලංසා පවුලට ලබාගැනිම සදහා ෆරිස් ඇතුළු ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් කරන ලද දායකත්වය මේ වන විට ලංසා පවුලේ ප්‍රබලයන් හට අමතක වෙමින් තිබිමය.
නියෝජ්‍ය නගරාධිපති තනතුරට කිසියම් බලතල ප්‍රමාණයක් හිමිව තිබුණද වත්මන් නගර පාලනය යටතේ මේ ධුරය බරපතල ලෙසින් හෑල්ලුවට ලක්වෙමින් පවති.
දැන් ක්‍රියාත්මක වන්නේ බයි දේශපාලනයේ  කොන්ඩම් තියරියයි.
කෙසේ වෙතත් යන්තමින් අටවාගෙන මාස් පතා නාගරික මන්ත්‍රිවරුන්ට කැරට් අල පෙන්වමින් කරගෙන යන පාලනය ඉදිරියේදි අර්බුද රැසකට මුහුණ දිමට නියමිතව තිබේ.
විශේෂයෙන්ම දැනටමත් සිදුවෙමින් ඇති මේ හොර මගඩි ගැන දැන උගත් රාජ්‍ය නිළධාරින් සිය වෘත්තිය ගරුත්වය රකිමින් කෙලින් කටයුතු කළහොත් මුළු නාගරික මන්ත්‍රි මණ්ඩලයටම බඩු ෂුවර් බව නම් පැහැදිලිය.