මසිතේ රැදුනු ” Shiran පියතුමා “

0
100

FB_IMG_1590310367868From – Jagath Wickramarachchi
මසිතේ රැදුනු ” Shiran පියතුමා ”
මට අමතක නොවන ඉතා සුන්දර
හොද කිතුනු බැතිමතෙකි.
ඔහුගේ හදිසි වියෝව වෙනුවෙන් බෞද්ධ
අප සැමගගේ බලවත් ශෝකාකූළ
පනිවිඩය මෙසේ ලියා තබමු…!
පවුලේ සැමට අපි අපේ සොව පළකරන්නෙමු.

ජගත් වික්‍රමාරච්චි-පැරීසිය.

පල්ලිය අපිට දුර නෑ පියතුමනී
පංසල වගේ එතනත් අපි රැදුනී
හමූවූ විටෙක සුහදව ගී ගැයිනී
හදිසි වුනේ ඇයිදෝ මම නොදනී

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් නම්
ප්‍රියයන්ගේ සමුගැන්ම මොකක් වෙම්
දෙවියන්ගේ කැමැත්ත මේක නම්
“ආමේන්” කියලා මමත් ඉවසන්නම්

ඉනාවකි හිනාව සුන්දර කතාව සිත්ගත්
දයාව මුසු දේසනාවට සැවොම යටහත්
ක්‍රීඩාව සමග ජීවිකාව කාටත් වැදගත්
ක්‍රියාව ඔබේ අනුසාසනාවට වඩා සවිමත්

යන්න ඉතිං තුරුලට දෙව් සමිදාගේ
ඔන්න මල් වැහි වැස්සා අද හැන්දෑවෙ
ඉන්න කල කී දේ සැමරෙන සංතානේ
අන්න අඩනව ඇහෙනව පල්ලියෙ ඝංඨාරේ…..!

ජගත්-වි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here