මහජන අදහස් විමසීමට අර්ජුනගෙන් ෆේස්බුක් පිටුවක්!

0
68

key-speakers-at-the-2018-ceraweek-conference_6236bd34-db73-11e8-a68b-5bb9980ab23e(10.00am)මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට නව ෆේස්බුක් පිටුවක් ප්‍රවාහන සහ සිවිල්ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ම‍හතා හඳුන්වා දෙයි. මහජන හිතකාමී සහ කාර්යක්ෂම ප්‍ර‍වාහන සේවාවක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් එම ෆේස්බුක් පිටුව හඳුන්වා දෙන බවද ඔහු කියයි. Arjuna Ranatunga – Inquiries Center ලෙස නම් කර ඇති එම ෆේස් බුක් පිටුවට පිවිසීමෙන් අදහස්, යෝජනා මෙන්ම දූෂණ අක්‍ර‍මිකතා ගැන ඍජුවම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාව දැනුවත් කිරීමේ අවස්ථාව මහජනතාවට හිමි වේ. එම තොරතුරු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (01) අනාවරණය කළේ නව වසර පිළිගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ පැවැති උත්සවයට එක් වෙමිනි. එහිදී අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ කුමන හෝ ප්‍ර‍වාහන සේවාවක් ලබා දීමට වඩා වඩාත් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් මහජනතාවට ලබා දීම අමාත්‍යාංශයේ නව වසරේ ඉලක්කය විය යුතු බවයි. මගී ජනතාවට සේවා සපයන ප්‍ර‍වාහන ආයතන පෞද්ගලීකරණයෙන් වළකා අනාගත පරපුරට දායාද කිරීමට තමන් සමඟ එක්වන්නැයිද අර්ජුන රණතුංග අමාත්‍යතුමා මෙහිදී සියලු නිලධාරීන්ගෙන් සහ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

“දිගින් දිගටම අලාභ ලැබුවොත් මේ ආයතන පෞද්ගලීකරණය කිරීම අපට වළක්වන්න බැහැ. ඒ නිසා මේ සියලු ආයතන මතු පරපුරට දායාද කිරීමට නම් ඒවා රැක ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු වෙනවා. එය කළ හැක්කේ මේ සියලුම නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් රට ගැන, ආයතන ගැන, ආදරයෙන්, හැඟීමෙන් කටයුතු කළොත් පමණයි. මම හැම තිස්සේම සිටින්නේ සේවකයින් සමඟ. වෘත්තීය සමිති සමඟ. නමුත් ඔවුන් ආයතනට හානිකර දේවල් කරනවා නම් මම එතැනින් ඉවත් වනවා. රට වෙනුවෙන් හරි තීරණ ගන්න මම බය නැහැ…..”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය. උත්සව අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූහ.