මුතුරාජවෙල පරිසර පද්ධතියට හානිවන අයුරින් දියත්කිරීමට සූදානම්වන ව්‍යාපෘතියට එරෙහිව නැගීසිටින ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටීයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදිය.
මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය එය සංවිධානය කොට තිබුණි
පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 700ක භූමි ප්‍රමාණයක් අත්තනෝමතික අයුරින් නව ව්‍යාපෘතියක් සඳහා යොදාගනිමින් සිටින බවත් එමගින් එම කලාපයට විශාල හානියක් සිදුවෙමින් පවතින බව එම මාධ්‍ය හමුවට එක්සිටි අය විසින් හෙළිදරව් කොට තිබුණි.
මේ අතර කාර්දිනල් හිමියන් සිය කථාවේදි දේශපාලකයන් ගැන , සංචාරක ව්‍යාපාරයෙන් සිදුවන හානිය ගැනත් කළ ප්‍රකාශයන් මේ දිනවල සංචාරකයන් ගෙන්වා ගැනිම වෙනුවෙන් සියළු නීති කඩමින් පමණක් නොව ඒවා පුරාජේරුවට ප්‍රකාශ කරන මැති ඇමැත්තනට කළ දැවැන්ත අතුල්පහරවල් වැනිය.
එමෙන්ම මහජන දේපල පුද්ගලික බුදල සේ සලකා කටයුතු කරන රටේ දේශපාලකයන් ගැනද උන්වහන්සේ පවසා තිබුණි.
මිගමුව කුට්ටිදුවේ ගමේ ජනතාවද පසුගියදා කාර්දිනල් හිමියන් වෙත සංදේශයක් භාර දෙමින් දැනුවත් කර තිබුනේ සිය ගමේ හිතුවක්කාර කමින් හදන්නට යෙන කුණු ව්‍යාපෘතියක් ගැනය
මේ අතර මිට පෙර රටතුල මතුවු පරිසර ප්රශ්ණවලදි කාර්දිනල් හිමියන්ගේ මැදිහත් නොවිම් ගැනද විවිධ විවේචන දැනටමත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වෙමින් තිබේ.එමෙන්ම කාර්දනල් හිමියන් විසින් මුතුරාජවෙල ගැන කළ මැදිහත්විමට පමණක් එකඟ වන අතරේ අනිකුත් බොහෝ දැ ගැන රටේ බහුතරයකගේ නිසි පැහැදිමක් නැති බව ගැනද විවිධ සටහන් පළවෙමින් තිබේ.
ප්‍රකට තරුණ මාධ්‍යවේදියෙකු වන නුවන් ලියනගේ සිය ෆේස් පිටුවේ ඒ ගැන තබා තිබුනේ මෙවැනි සටහනකි.