මහජන බදුමුදල් කාබාසිනියා කරන මන්ත්‍රිලා ගැන නාගරික කොමසාරිස් නිහඩ ඇයි ?

0
49

boralu caseපසුගිය දින කීපය පුරාවට මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා විසින් මීගමුව මහනගර සභාවට අයත් වාහන මෙන්ම අමුද්‍රද්‍ය සිය පුද්ගලික උවමනාවන් සදහා හිතුමතේ භාවිතා කරන තත්වයක් මතුව තිබේ.
එහෙත් මේ ගැන මීගමුව නාගරික කොමසාරිස්වරයා කිසිදු පියවරක් ගන්නා බවක් නම් නොපෙනේ .
කඩොල් කැලේ ක්‍රිඩාංගනයට බොරළු පුරවා තුනි කිරිම පුද්ගලික කොන්ත්‍රාත්කරුවෙකුට දි තිබියදි දායන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මහනගර සභාවේ වැඩ අංශයේ බොස්කැට් යන්ත්‍රයක් යොදා ගනිමින් මුළු දවසක් පුරා බොරළු තුනි කිරිමේ යෙදුණි.
ඒ පිලිබද සමිප ඡායාරූපද සමගින් මිපුර වෙබ් අඩවිය හෙළිදරව්වක් කරතිබුනේ එකි යන්ත්‍රය මේ නීති විරෝධි මෙහෙයුමේ යොදවා තිබියදිමය.
එමෙන්ම පසුගිය දිනක මීගමුවේ පැරණි තානායමේ බිම සකස් කිරිම සදහා නගර සභාවේ සේවකයන් මෙන්ම තාර ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය දායන් ලංසා මහතා විසින් රැගෙන ගොස් තිබුනේ කිසිදු පිළිවෙතක් අනුගමනය නොකරමින්ය.
වරක් ඔහු විසින් නගර සභාවේ යන්ත්‍රයක් මඩුපල්ලියේ ප්‍රතිසංස්කරණය කටයුත්තකට යැයි කියමින් ගෙන ගොස් තිබුනේ තමන් වෙනුවෙන් මඩුපල්ලිය ප්‍රදේශයේ ඉදිවෙමින් ඇති නිවසට අවැසි කටයුතු සදහාය.
එහෙත් මේ කිසිවක් ගැන කිසිවෙක් පියවර ගන්නා බවක් නොපෙනේ.
එජාෙප නාගරික මන්ත්‍රිවරුන්ද මේවාට නිරන්තරයෙන්ම අභියෝග කරමින්  කටයුතු කරන බවක් නොපෙනේ .
මේ අනුව පෙනි යන්නේ මහජන බදුමුදල් ගැන වගකියන්නට දැන් කිසිවෙකුත් නගර සභාවේ නැති බවය.