මහජන බදු මුදල්වලින් පාරවල් කොන්ක්‍රිට් කර, පීත්ත පටි කපන, කපටි දේශපාලනය ?

0
348

IMG-1064492f22fe2a651b9cfbed0478dca6-VIMG-8e656670d3b58e85a92f615ae3e2cef5-Vඑක දවසට එක වැඩක් ලෙස මිගමුව නගරාධිපතිවරයා මේ දිනවල  පාරවල්  කොන්ක්‍රිට් කිරිම සිදුකරමින් තිබේ.මේ පාරවල් අයවැයෙන් මුදල් වෙන් කර ඇති ඒවාදැයි යන ප්‍රශ්ණය එසේම තිබියදි කොන්ක්‍රිට් දැමු කුඩා පාරවල්ද මේ දිනවල පීත්ත පටි ඇද විවෘත කිරිම සදහා නගාරාධිපතිවරයා යන්නේ සිය සොහොයුරු ඇමති නිමල් ලංසාද සමගිනි.IMG-de5afa71ad4c4ee6ace6dd0431387550-V
IMG-340e63ed49e8f57d10fe671f208e753b-Vපාර්ලිමේන්තුවට දොරටු විවර කරගැනිමට ඇති අවිනිශ්චිතතාවය නිසාදෝ දැන් පීත්ත පටි කපා පාරවල් විවෘත කිරිමද මිගමුවේදි මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල අංගයක් බවට පත්ව තිබේ.නිමල් ලංසා වැනි අයෙකු මෙවැනි තත්වයකට වැටිම ඔහුටත් වඩා මෙය නරකට බලපාන්නේ ඔහුගේ වත්මන් දේශපාලන භාරකරයා වන බැසිල් රාජපක්ෂටය.ඉතා සුලු පිරිසක් සමගින් ගොස් පවුල් දෙක තුනක් ඉන්න පාරක් කොන්ක්‍රිට් කොට කිසිදු ජනසභාගිත්වයක්ද නොමැතිව පොටෝ එකටත් මුහුණ පොතටත් දැමිම සදහා මේ දිනවල මේ පාරවල් විවෘත වෙමින් තිබේ.

නගරාධිපතිගේ මුහුණු පොතේ තබා ඇති සටහන
නගරාධිපතිගේ මුහුණු පොතේ තබා ඇති සටහන

අප අතර කප්පරක් නොඑකඟතා තිබුනද , පිළිවෙලකට අදින කරන සැලැසුම් ඇති තරුණ දේශපාලනඥයෙකු වු නිමල් ලංසා මේ වැටි, ඇත තැන විසින් යළි යළිත් පෙන්වා දෙනු ලබන්නේ සිය ජයග්‍රහණය ගැන අවිනිශ්චිතතාවයකින් පෙළෙන බව නොවේද ?
මීගමුවේ සිදුවෙමින් ඇති මේ තත්වයන් ගැන අපට රටේ ජනපතිගෙන්ද අහන්නට ඇත්තේ කෝ ඔබේ සිස්ටම් චේන්ජ් කියාය.
මේවා ඉදිකරනු ලබන්නේ ලංසා පවුලේ පුද්ගලික මුදල් වලින් නොවේ.
පැහැදිලිවම මහජන බදුමුදලින්ය.
අපට දැන් ජනපති ගෝඨාභයගෙන් අහන්නට ඇත්තේ පාරවල් වල පිත්ත පටි ඇද ඒවා විවෘත කිරිමටද ඔහු විසින් පොරොන්දු වු සිස්ටම් චේන්ජ් එකේ කොටසක්දැයි කියාය