
දැනට කලක සිට මිගමුව මහජන බැංකුවට පාරිහෝගිකයන්ගෙන් එල්ල වෙමින් ඇති චෝදනාවක් වන්නේ එහි දුරකථනයට බොහෝ අවස්ථාවලදි කිසිවෙකුත් ප්‍රතිචාර දක්වන්නේ නැතැයි කියාය.
මිපුර අමතා අද දිනයේදි කථා කල කිපදෙනෙකු කියා සිටියේ හෙට දිනයේද බැංකුව විවෘතව තැබෙන්නේද යන්න ගැන දැනගැනිමට පැය ගනනාවක් ඇමතුම් ගත්තද කිසිවෙකුත් එයට ප්‍රතිචාර නොදක්වන බවය.
එමෙන්ම කොච්චිකඩේ මෙන්ම වෙන්නප්පු ශාඛාවලට ඇමතුමක් දුන් සැණින් ප්‍රතිචාර දක්වන බවද ඔවුන් කියා සිටියහ.
බැංකු ඇත්තේ එයට සම්බන්ධ සේවා ලාභින්ට සේවය සැලසිමටය.
ඒවා නඩත්තු වෙන්නේ ද ඒ අය නිසාය.
එහෙත් මිගමුව ප්‍රධාන ශාඛාවට නම් මේවා ගැන නිනව් නැති සේය.
පසුගිය කාලය තුලද මිගමුව ශාඛාවට විවිධ චෝදනා එල්ල වි තිබුනේ එය සැබැවින්ම එය සේවාලාභින් ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන බව කියමිනි