මහජන මුදල් කාබාසිනියා කරන ලැජ්ජ නැති මීගමුවේ කොමසාරිස්වරිය !

0
75

NGB-commisionar-1අප දැනටමත් හෙළිදරව් කර ඇති පරිදි මිගමුවේ දැනට කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන තැනැත්තිය මාසිකව රු 75000 ක මුදලක් සිය පුද්ගලික වාහනයක් සදහා ලබා ගන්නා අතරේ ඒ වාහනයෙන් මිගමුව මහ නගර සභාවට පැමිණ වෙනත් රාජකාරි ගමන් යැමේදි මිගමුව මහනගර සභාවේ නිලරථයද යොදා ගනී.
අද ( අගෝස්තු 5 )දිනයේ තමන්ගේ පුද්ගලික වාහනයෙන් පැමිණි කොමසාරිස්වරිය මීරිගම පැවැති ජනපති පැමිණෙන උත්සවයක් සදහා මහනගර සභාවේ නිල රථය භාවිතා කර ඇති බව වාර්ථා වේ.
අදාල කොමසාරිස්වරිය මේ අනුව මහනගර සභාවේ නිළ රථයක් තිබියදි මසකට රු 75000 ගානේ වසරකට රුපියල් ලක්ෂ 9 ක මුදල් අපතේ යවමින් සිටි.
එපමණක් නොව නිල රථයද භාවිතා කරනු ලබයි .
අරුමය වන්නේ මේ ගැන  බදුගෙවන ජනයාට වගකීමට කිසිදු විපක්ෂ මන්ත්‍රිවරයෙකු නොසිටිමය.
එජාප බහුතරයක් මන්ත්‍රිවරුන් මේ වන විට ලංසා පාලනය රැකගැනිම සදහා ලැජ්ජාවකින් තොරවම කටයුතු කරමින් සිටිති.
ඒ අයට නිසි නායකත්වයක් බදුගෙවන ජනයාට සාධාරණයක් ඉටු කිරිමට වත්මන් ආසන සංවිධායකයාද අපොහොසත්ය.