මහජන මුදල් මංකොල්ල කෑම ? පුටු බෙදිම සහ පුටු විකිණීම ?

0
333

NImal with MC mps( 4.00 pm ) මීගමුව මහනගර සභාව බරපතල මුල්‍ය අර්බුදයක තිබියදිත් පළාත් පාලන ආයතනය නීතියටද පිටින් යමින් ඇණුවම් කර තිබු පුටු 2700 ක් සදහා ලක්ෂ 36 කටත් වඩා වැඩි මුදලක් වැයකර තිබේ.
මෙසේ මුදල් වැය කරමින් ලබාගත් පුටු මහනගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන්ට මෙන්ම නිමල් ලංසාගේ ආධාරකරුවන්ට හටද ලබාදි තිබේ.
මෙයට කදිම සාක්ෂියක් වන්නේ පසුගිය දිනවල ඇතමුන් මුහුණු පොතේ පවා මේ පුටු ලබාදිම ගැන නගරාධිපති දයාන් ලංසාට මෙන්ම නිමල් ලංසාටද සිය ස්තුතියද පළකරමින් දමා පොස්ටුද සලකා බලන විටය.
මෙවැනි ඡායාරුප විසින් ඉතා පැහැදිලිව දක්වා තිබුනේ නිමල් ලංසාගේ ආධාරකරුවන්ට හටද මිගමුවේ මහජන බදු මුදල් වැයකරමින් මිළට ගෙන තිබුන පුටු බෙදා දි තිබුණ බවය.
ඒයට සාක්ෂි ලෙසින් අප විසින් එවැනි ජායාරුප අපගේ පුවත් පළකිරිම්වලදිද පසුගියදා යොදාගෙන තිබුණි.Screenshot_20200506_113210
මේ අතර අතැමෙක්ට ලැබුන පුටු තවත් අයට පරිත්‍යාග කළ බව ගැන කියැවෙන ඡායාරුපද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.
එසේම මෙසේ පුටු ලබාගත් ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් පුටු විකුණු බවට වු චෝදනා ගැනද රාවයක් පසුගිය කාලය තුල පැවතුණි.

මේ පුවත් දෙකම එකට පටලවා ගත් අයද සිටි බව පසුව දැනගන්නට ලැබුණි.
ඒ අප විසින් පළකරන්නට යෙදුන පුවත කියවා නිසි ලෙසින් තේරුම් නොගැනිම නිසාය.

සැබැවින්ම අපට කියන්නට ඇත්තේ ඒ අය ගැන අප කණගාටු වෙන බවය.
මේ අතර ලංසා පවුල මිපුරට එරෙහිව හැකි කව්රුන්ව හෝ යොදාගනිමින් විවිධ බලපෑම් කරන්නට කටයුතු කරමින් සිටින බවද අපගේ වැටහිමයි.
එයට හේතුව වන්නේ ලංසා පවුලේ මේ පුටු සෙල්ලම් පමණක් නොව තවත් බොහෝ දැ ගැන විපක්ෂයද නිහඩව සිටියදි මිපුර විසින් පමණක් දිගින් දිගටම හෙළි කිරිම නිසාය.
එහෙත් දැන් මේ පුටු ප්‍රශ්ණය නිසා දැවැන්ත කථිකාවක් සමාජය තුල නිර්මාණය වි ඇති අතර එය තවත් නොබෝ දිනකින් ජනාධිපතිතුමන්ගේ අවධානයට පවා යොමුවිමට නියමිත බවට අපට විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.
අප යළිත් විමසා සිටින්නේ අලියාගෙන් ඡන්දය ඉල්ලන ගිහාන් බෙන්ජමින් මේ පුටු ගැන කියන්නේ කුමක්ද කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here