මහජන මුදල් රු.කෝටි 7 ඡන්දෙට වැය කරපු මීගමු නගරාධිපති දැන් ටීෂර්ට් විකුණයි.

0
71

Screenshot_20201103_112102කොරෝනා වසංගත තත්වය හමුවේ මිගමු අද පවතින්නේ බරපතල අවදානම් තත්වයකය.දැනට වාර්තාවන  කොරෝනා ආසාදිත රෝගීන් 107කි.
මෙවන් අර්බුදයකාරි තත්වය පවතින මීගමුවේ මහනගර සභාව මේ වන විට දැවැන්ත මුල්‍ය අර්බුදයක ගිලි යමින් තිබේ.
ඒ පසුගිය මහමැතිවරණයේදි මහජන බදු මුදල් රු කෝටි ගණනින් සිය සහෝදරයා වන නිමල් ලංසා වෙනුවෙන් වැය කර තිබිම නිසා බව ඇතැම් විපක්ෂ මන්ත්‍රිවරු චෝදනා කර සිටිති.
මීගමුව මහනගර සභාව සතුව තිබු රු කෝටි 7ක ස්ථාවර තැන්පතුවද මැතිවරණයට සති කීපයකට කලින් ඉවත් කරගෙන තිබුණි.

බදු ගෙවන පවුල් ගණනාවක් නිරෝධායනයට යොමුව සිටිති.ධීවරයන් බඩගින්නේය.අර්බුද රැසක් මතුවෙමින් තිබේ.
මේ සියල්ල අස්සේ මිගමුව නගරාධිපති දයාන් ලංසා මාධ්‍ය සංදර්ශන පවත්වමින් ටීෂර්ට් අලෙවි කරමින් සිටි.මිට අමතරව බත්පාර්සල් මෙන්ම කිරිපිටිද එකතුකරන බව පෙනේ.
මෙයට හොද හිතෙන් දායකත්වය දෙන කිසිවෙකුත් නගර සභාවට අද බත්පාර්සල් එකතු කරන්නට තරම් හිඟන තත්වයකට පත්වුයේ ඇයිදැයි නොදන්නවා ඇත.

අපට සැබැවින්ම මේ කටයුත්තට දැනටමත් දායකත්වයන් ලබා දි ඇති විශාල හදවත් ඇති ඒ හොද හිත් මිනිසුන් ගැන දුකක් ඇතිවෙන්නේ මහජන මුදල් කාබාසිනියා කළ කපටි දේශපාලකයන් හමුවේ දහන් ගැටවලට අසුව තිබිම නිසාය.
හදවත් ඇති සෑබෑ මිනිසුන් කළ යුත්තේ ප්‍රාදේශිය ලේකම් තුමිය මගින් දුප්පතුන් වෙත ආධාර ලබාදිමට කටයුතු කිරිම මිස කපටි දේශපාලකයන් මාධ්‍ය සංදර්ශණවලට අසුවිම නොවන බව යළිත් වරක් අවධාරණය කරනු කැමැත්තෙමු..
ටි ෂර්ට් විකුණන නගරාධිපති දයාන් ලංසාගෙන් ඔබ ඇසිය යුත්තේ එක් පැණයකි. එනම් පසුගිය මැතිවරණයට සති කිපයකට කලින්  ඉවත් කරගත් රු කෝටි 7 ක ස්ථාවර තැන්පතුවේ මුදල් වලට මොකද වුනේ නගරාධිපතිතුමා කියාය.
ගලඋඩ බළලුන් කැතකළ විට සිදුවන්නේ කුමක්දැයි එවිට ඔබද අත්දකිනු ඇත