මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද වර්ජනයේ..

0
92

on-strike

අද ( සැප්තැම්බර් 4) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් සිදුකිරීමට මහඡන පරීක්ෂකවරුන් තීරණය කර ඇතැයි වාර්ථා වනවා. ඔවුන් මෙම තීරණය ගනුලැබුවේ  යාපනය මහ නගර සභාවට අනුබද්ධිත මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් පස්දෙනෙකුට සෞඛ්‍ය  ලේකම්වරයා විසින් පනවන ලද අත්තනෝමතික ස්ථානමාරුකිරීම්වලට විරෝධය පළ කරමින් බවයි ශ්‍රීලංකා  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ඉල්ලීම සදහා ප්‍රමාණවත් පිලිතුරු අදාල බලධාරීන්ගෙන් නොලැබුණහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා මෙම වැඩවර්ජනය ගෙනයාමට සිදුවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.