මහජන සෞඛ්‍ය හමුදාව නගරයට කඩා පනී….

0
72

DSC02142මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකයන් විසින් මීගමුව් හෝටල් සහ පොලේ අලෙවියට තබා ඇති  දේවල් සම්බන්ධයෙන් තත්ව පරික්ෂණ මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.
මේ යටතේ මීගමුවේ හෝටල් කිපයක් සහ විශේෂයනේම ඉරිදා පැවැති කාමච්චෝඩේ පොළ නිරික්ෂණයට ලක්ව තිබුණා.
2006 වසරේ සිට මීගමුවේ හෝටල් ශ්‍රේණිගත කිරිම H 800 නැමැති විශේෂිත වැඩසටහන යටතේ සිදුකළයුතුව තිබුණද මීගමුව අදටත් එය ක්‍රියාත්මක නැත.
මේ සම්බන්ධයෙන් අප පසුගිය දිනවල නිරන්තරයෙන්ම සෞඛ්‍ය වෛද්‍යනිළධාරිතුමන්ගෙන් මෙන්ම ප්‍රධාන මහජන සෞඛ්‍ය නිළධාරිතුමන්ගෙන්ද විමසා සිටි අවස්ථාවන් වලදි අපට පොරොන්දු වුයේ ඉදිරි මාස 3 න ඇතුලතදි අනිවාර්යෙන්ම මීගමුවේ සියළුම හෝටල් වර්ගීකරණයකට ලක්කරන බවයි.
මේ සම්බන්ධයෙන් අප මීගමුව නගරාධිපතිවරායාෙගන් කළ විමසුමකදි ඔහු පවසා සිටියේ නගරයේ හෝටල්වල පිරිසිදු කම විශේෂ අවධානයක් යොමුකර ඒවා වර්ගිකරණයකට ලක්කිරිම තමන්ෙග් ප්‍රධාන වගකිමක් සේ සලකා හැකි ඉක්මනින් ක්‍රියාවට නගන  බවය.