මහනගර සභාවට ලැබිය යුතු අදායම මන්ත්‍රිගේ සාක්කුවට.?

0
99

NEGOMBO-NEWS මීගමුවේ නත්තල් කාලය යනු මහනගර සභාවට ඉහලින්ම මුදල් ඉපයිය හැකි කාලයකි.එහෙත් ඉතිහාසය පුරාම සිදුවුයේ එම අවස්ථාව එක්කෝ කොන්ත්‍රාත්කාරයන්ට නැති නම් මන්ත්‍රිවරුන් පිරිසකගේ අතට පත්විමයි.මීට අමතරව නගරසභාවේම සේවයකයන් විසින් ඇතිපදමට නත්තල් පොලවල් වලින් හම්බකරගත් හැටි පසුගිය වසරවලදි මාධ්‍ය හරහා රටටම ප්‍රචාරය කෙරුන අතර ඒ වා සම්බන්ධයෙන් අල්ලස් දූෂණ කොමිසමෙන් පරික්ෂණ පවා ආරම්භ විය.

දැන් මේ තත්වය තවත් නරක අතට හැරි ඇත. එක් මන්ත්‍රිවරයෙක් ඉහලම අදායම් ලැබෙන මාර්ග තමන්ගේ යටතට ගෙන ඒවා තමන්ට මුදල් ගලා එන ධන උල්පත් බවට හරවාගෙන ඇත.

මීගමුවේ මහනගර සභාවේ භූමිය ඔහු විසින් දෙසැම්බර් මාසය දක්වා තමන්ගේ නමට වෙන්කරවාගෙන ඇත.එපමණක් නොව කොටුව පිට්ටනියද එලෙසින්ම තමන්ගේ නමට තබාගෙනය. ඉදිරි දිනවලදි මේ ස්ථාන වෙන්කර ගත හැක්කේ ඔහුගෙන්ම පමණි.

මෙයට අමතර ව සියළු බදු කොන්දේසි උල්ලංඝනය කර තිබිම නිසා දැනට ජුපිටර්ස් ක්‍රිඩා සමාජය විසින් අදායම් ලබාගනිමින් තිබෙන කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ පාලනයටද දැන් අත ගසා ඇත්තේ මේ මන්ත්‍රිවරයා විසිනි.

පසුගිය කාලය තුලදි මෙම ක්‍රිඩාංගනය මහසභාවට පවරා ගැනිම පිළිබදව නාගරික කොමසාරිස් වරියගෙන් අප විමසා සිටි අවස්ථාවේදි ඇය පැවසුවේ ඒ සදහා අදාල කටයුතු කරගෙන යමින් සිටින බවය.

එහෙත් අදටත් මේ පවරාගැනිම් සිදුව නොමැත.

ඉදිරි දිනවලදි මෙම ක්‍රිඩාංගනයේ පැවැත්විමට නියමිත සිරස කඩමණ්ඩිය සදහා ඒ ආයතනය විසින් රු ලක්ෂ 10 ක මුදලක් ගෙවා ඇතැයි වාර්ථා වේ.එහෙත් එය ලැබෙන්නේ නගර සභාවට නොවේ.

මේ ුඅනුව මීගමුව නගර සභාව ඇත්තටම පාලනය කරනු ලබන්නේ එක්පුද්ගල මාෆියාවක් විසින්දැයි තතු දන්නෝ ප්‍රශ්ණ කරති.

.