මහනගර සභාවේ ආශිර්වාදයෙන් මහපාරේ කන්ටේනර් කාර්යාලයක් !

0
185

කන්ටේනර් කාර්යාලය

( 5.45 am ) මීගමුව ටෙලිකොම් ආයතනය අසල ඇති කන්ටේනරයක් තුළ දැන් ත්‍රිවිල් සංගමයක්  කාර්යාලයක් පවත්වා ගැනීමට ඉඩදී ඇත. මෙය සපුරාම නීති විරෝධි කටයුත්තක් වුවද කව්රුන් එයට නීතිමය නොවන අවසරයක්  දි  තිබේ.
මෙහි ඇති නිතිවිරෝධි බව පිළිබදව අප කළ විමසුමකදි  මාර්ග සංවර්ධ අධිකාරියේ ඉජිනේරුවරිය කියා සිටියේ මෙම කන්ටේනරය ඉවත්කිරීම සදහා පළමු නිවෙදනය නිකුත් කර ඇති බවය.
ඒ දැනට සතියකට ඉහතදිය.
මීගමුව මහනගර සභාව විසින් අලුත් පාරේ අනවසර කඩ සියල්ල ඉවත් කරන අතරේ ශා.ජෝශප් විදියේ මෙසේ නිතිවිරෝධි ලෙසින් කන්ටේනර් කාර්යාලයක් පවත්වාගැනිමට ඉඩ දි තිබේ.
ප්‍රා
දේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රොයිස් විජිත මහතා ඇමතු අවස්ථාවේ  ඔහු ප්‍රකාශ කර සිටියේ මෙහි නිසි බලධාරියා මාර්ගසංවර්ධන අධිකාරිය බවත්ප්‍රා එසේම මෙම කන්ටේනරය ඉවත්කිරීම සදහා තමන්ද මැදිහත්ව සිටින බවත්ය.