මහනගර සභාව මෙගා ටෙලිනාට්‍යකට අතගසයි???

0
86

මීගමුවේ මෑතකාලින සුරුවම් අර්බුදය යනු ඇත්තටම මෙගා ටෙලිනාට්‍යයකි. එහි නිෂ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණයටද අත ගසා ඇත්තේ එකම පිරිසකි.

2012 නොවැ 06 වෙනිදා පැවැත්වෙන නගර සභාවේ මහ සභා රැස්විමට දයාන් ලංසා මන්ත්‍රිව රයා යෝජනාවක් ගෙන ඒමට නියමිතව ඇත.එයට අනුව කාලපිය අනුනායක පැට්ට්‍රික් පියතුමන්  විසින් 2012.10.25 දාතමින් ගරු නගරාධිපතිගෙන් ඉල්ලා ඇත්තේ දැනට  ක්‍රීස්තු ප්‍රතිමාව තබා ඇති ස්ථානය සංවර්ධනය කරගැනිමට අවසර ලබාදෙන ලෙසය.

දයාන් ලංසා මන්ත්‍රිවරයාගේ යෝජනාව වන්නේ ඉදිරිපත් කර ඇති සැලැස්ම සාධාරණ බැවින් නාගරික ඉජිනේරුවරයාගේ පුර්ණ අධික්ෂණය යටතේ එයට අනුමැතිය ලබාදෙන ලෙසය.

පසුගිය දිනවල මීගමුව තුල බරපතල ආගමික ගැටුමක් සිදුවන්නට මුලපුරන ලද එක් කරුණක් වි තිබුනේ පුංචි පන්සලේ ස්වාමින්වහන්සේගේ ලිපියක් නගාරධිපති වරයා විසින් මහනගර සභා අඥාා පනතේ ක්‍රියාවලියට පිටින් යමින් ක්‍රියාත්මක විම පිළිබදව ගැටළුවක්ය.

අප එදා ඒ ගැන මතු කර සිටියේ දශක දෙකකටත් වඩා පාලත් පාලනය ගැන දැනුමක් ඇති ඇන්ටනි ජයවිර නගරාධිපතිවරයා වැඩේ අනාගත්තේ තමන් ඒ ගැන නොදන්නා නිසාද නැතිනම්  වෙනත් අයෙකුගේ අවශ්‍යතාවය ගොඩදැමිම සදහා එවැන්නක්  කෙසේ හෝ කරන්නට සිදුවිම නිසාද.යන්නයි .??

කෙසේ හෝ වැඩේ ගැස්සුනි. පල්ලිය අවි අමෝරා සටනට පැමිණි එහෙමින්  ජයවිර නගරාධිපතිවරයා චැහ් මම අපරාධෙ ටින්කිරි ගාගත්තා යැයි සිතන්නට ඇත.

කෙසේ  හෝ  හුලං අත බලා රුවල් දමන දේශපාලකයන්ට පල්ලිය යළිත් තමන්ගේ පැත්තට හරවාගැනිම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට සිදුවිය. ඒ අනුව නිමල් ලංසා ඇමතිවරයා විසින් එක්තරා රැස්විමකදි පල්ලියට දි තිබුන පොරොන්දුවක් අනුව බුදු පිළිමය එතනින් ඉවත් කරන්නට තමන් අවශ්‍ය පියවර ගන්නා බව පවසා තිබුණි.

මේ ගැටේ ගැසිමේ කොන්ත්‍රාත්තුව පවරා දි තිබුනේ ආණ්ඩු පක්ෂයේ වැඩිම ප්‍රසාදය දිනා සිටින ඒ නිසාම ආණඩුවේ ම නියෝජිතයා ලෙසින් මුදල් කාරක සභාවේ දි සියළු කටයුතු සිදු කරන වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩිටය.

ඒ අනුව කතෝලික පල්ලියට නිම්ල් ලංසා ඇමැතිවරයා විසින් දි තිබුනූ පොරොන්දුව පරිදි බුදු පිළිමය එතනින් ඉවත් කිරිමට පසුගිය මහසභාවේ චණ්ඩියෙක් ලෙසින් මේ යෝජනවා ඉදිරිපත් කරමින් තමන්ගේ  නොදන්නා කම් කිපයක්මත් එළිදරව් කරගෙන  විපක්ෂ කණ්ඩායම් සාමුහික තින්දුවද කඩ කරමින් ජන්දය දිමෙන් වැලකි සිටිනවා වෙනුවට ජන්දය පවා ලබාදෙමින්  බුදු පිළිමය දැනට ඇති තැනින් ඉවත් කර වෙනත් තැනක තබන්න යැයි යෝජනාවක් ගෙන ආවේය.

එදා යෝජනාව ගෙන ආ දවසේ අප දැනටමත් හෙළිදරව් කර ඇති පරිදි දයාන් ලංසා මන්ත්‍රිවරයා ජන්දය විමසන අවස්ථාවේ සභාව මග හැරියේය.

ඒ ඔහුෙග් දේශපාලන අනාගතයට පොඩි පන්සල මෙන්ම බෞද්ධ ජනතා සහය අවැසි නිසාය. කෙසේ වෙතත් බුදු පිළිමයේ කටයුතු නිමකර දිමට දායන් ලංසාගෙන් ලද ආශිර්වාදය ගැන පුංචි පන්සලේ සුමේධ හිමියන්  විසින් ලකුණු කරගෙන ඇත. පන්සලේ ම හැදුන වැඩුන ජිවංග මිරැන්ඩෝට පුංචි පන්සල දෙහි කපන්නේ මේ නිසාය.

මේ මෙගා ටෙලි නාට්‍යයේ ඊළග කතාංගය දැන් සැකසෙමින් තිබේ. ඒහි කථා තේමාව වි ඇත්තේ  කතෝලික පල්ලියේ හොද හිත නැවත  දිනා ගැනිමය.

මීගමුව මහනගර සභාවේ නගරාධිපති ගේ සහය අධ්‍යක්ෂණයෙන් ක්‍රියාත්මක මේ මෙගා ටෙලි සිත්තම එක පවුලක හවුල් නිෂ්පාදනයක් වන අතර එහි මීළඟ කොටස  2012 නොවැ 06 වෙනිදා මීගමුව මහනගර සභාවේදි රෑගත කිරිමට නියමිතය.