මහපාරේ කන්ටේනර් ඔෆිස් දාන්න අවසර දුන්නේ කව්ද ?

0
49

Container office(12.45 pm ) මීගමුවේ ශා.ජෝශප් විදියේ පැරණි රාජ් සිනමා හල පිහිටි භුමිය සමිපයේ මහපාරේ දැනට ටික දවසක සිට කන්ටේනරයක් යොදගෙන සකස්කරන ලද කාර්යාලයක් වැනි යමක් ස්ථාපිතව තිබේ.
එහි සදහන් පුවරුවේ ඇත්තේ දෙහිමල්වත්ත ත්‍රිරෝද රථ සංගමය විසින් එය පවත්වාගෙන යන බවකි.
පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භුමියක මෙසේ නීති විරෝධි ක්‍රියාවක් කිසිදු බියක් සැකක් නැතිව කරන්නට අවසර දි ඇත්තේ කව්ද?
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි පළාත් මාර්ග සංවර්ධන කාර්යාලයේ උසස් නිළධාරිණියක් කියා සිටියේ මේ ගැන දැනටමත් පැමිණිලි රැසක් ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් වහාම අදාල පියවරයන් ගන්නා බවත්ය.
වාර්තා වන අන්දමට මෙසේ නිතිවිරෝධි කටයුත්තක් කිරිමට අවසර සහ අනුබල දි ඇත්තේ මීගමුවේ නගරාධිපතිවරයා විසිනි.
අලුත් පාරේ නීතිවිරෝධි තැඹිලි කඩ කඩන නගරාධිපතිවරයා දැන් මේ සිදුකරමින් සිටින්නේ කුමක්ද ?