මහපාරේ විරෝධතා දැක්වු මීගමුවේ විරෝධතාකරුවන්ට දැඩි ඇප කොන්දේසි මත ඇප ?

0
117

court 5court 2

මාර්ග නිති කඩ කරන රියදූරන් හට රජය විසින් වැඩි කරන ලද රුපියල් විසිපන් දහසක දඩ මුදලට එරෙහිව පැවැත් වු උද්ඝොසනයේදී සැක පිට අත්අඩංගුවට ගත බස්නාහිර පලාත් සභා මංත්‍රිවරුන් දෙදෙනා ඇතුළු සෙසු සැක කරුවන් විසි තුන්දෙනා හට දැඩි ඇප කොන්දේසි  නියම කෙරුණි
ඉකුත් 2 දින කොලඔ හලාවත ප්‍රධාන මාර්ගය අවහිර කරමින් හලාවත කොළඔ දූම්රිය මාර්ගයේ ගමන් ගන්නා දූම්රිය නවතා එම මාර්ගයද අවහිර කරමින් මිගමුව ගල්කන්ද හංදියේදී පැවැත්වු උද්ඝෝෂණයේදී අත්අඩංගුවට පත් සැක කරුවන් 23 දෙනා හට හා බස්නාහිර පලාත් සභා මංන්ත්‍රීවරුන් වන ලලන්ත ගුණසේකර හා ආනන්ද හරිචන්ද්‍ර ද සිල්වා යන මංත්‍රිවරුන් දෙදෙනා ඊයේ 28 මිගමුව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එක් සැක කරුවෙකුට මුදලින් රුපියල් දහදහසක මුදලක් රුපියල් ලක්ෂ එක බැගින් ශරිර ඇප දෙදෙක්ද හා සැම මසකම අවසන් ඉරු දිනකම මිගමුව පොලිසියට පැමිණ අත්සන් කරන ලෙසත් පොලිසිය විසින් කරන ලද පරික්ෂණ වලට බදා ඇති නොකිරිමත් තුළු කොන්දේසි ගණනාවක් යටතේ  වු  ඇප කොන්දේසි මත මුදාහරින ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රත් රුචිර වැලිවත්ත මහතා නියොග කලේය

මිගමුව පි්‍යපේම මානික්ක රත්න     2016-12-28