මහමඟ අවසන් ගමන් යාම

0
97

DSC_0489new

දෙසැම්බර් 16 වන  දින උදේ මීගමුව රෝහල ඉදිරිපිට  කහ ඉරෙන් ගමන් කළ වයස අවරුදු 73ක් පමණවු පුද්ගලයකු  ත්‍රීවීල්   රථයක ගැටී  මියගිය අතර ත්‍රීවීල්කරුගේ  වයස අවුරුදු 67කි.

      ත්‍රීවීල්කරු පැමිණි වේගය මත හැපුනු කෙනා  ඈතට වීසිවී ගොස් ඇත.  මීගමු පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති  ගජනායක මහතා  ප්‍රකාශ ක‍ළේ මෙය මීගමුවේදී  2017 වසරට සිදුවු අන්තිම රිය අනතුර බවයි. ඒ අනුව දැනට මේ වසරට මීගමුවේ පමණක් අනතුරු වලින්  පුද්ගලයින් 24 ක් මියගොස් ඇත.

               කහ ඉරෙන් මාරුවු බොහෝ අවස්තාවල අනතුරු සිදුවී ඇත. මීගමුව මාරිස්ටෙලා  විදුහල  ඉදිරිපිට  කහඉරෙන් මාරුවීමේදී  සිදුවු අනතුර නිසා දිවි බේරාගත්තද  තවමත් එහි ප්‍රතිඵල  නිසා දුක් විදින  බව  ඒ අවට රැකියාවේ  නිරතවන  එක්  කාන්තාවක්  ප්‍රකාශ කළාය.  බීමත්කම නොසැළකිල්ල  වැනි  සාධක  රිය අනතුරු කෙරෙහි බලපාන බව ගජනායක මහතා පවසයි.
එසේම මිනිස් වැරදි වලට අමතරව අදාළ  මාර්ගවල ස්වාභාවයද  සම්බන්ධවේ.  කොන්ක්‍රීට් පාරවල්  මේ අතර විශේෂත්වයක් ගනීයි.  මෙම මාර්ගවල ඇති ලිස්සන ස්වභාවය  නිසි  නඩත්තුවක්  නැති නිසා  ඉරිතැලීම්,  වලවල්,  දාර සහිත  ස්ථාන ,   දමාඇති කානුවල තත්වය  ඍජු  බලපෑමක්  ඇතිකරයි.
  ප්‍රධාන පාරවල්වල  සවිකර  තිබු යකඩ වැටවල් සමහර තැන්වල දක්නට නැත. මීගමුව රෝහළ   ඉදිරිපිට කහඉරෙන් අනෙක් පස ස්ථාන දෙකක යකඩ  වැටවල්  මීට උදාහරණවේ.     මීගමුවේ සමහර  අතුරු  පාරවල්,  273 මීගමුව-ජාඇල-  වැනි ප්ධාන පාරවල්  මෙයට  සාධක  සපයයි. කොන්ක්‍රීට්  පාරවල් වල  නිමකර නැති බෑවුම්  සහිත ස්ථාන ඉතා භයානකය.

         මේ කෙරෙහි දේශපාලන  අධීකාරියේ   මෙහෙයවීමක්   තිබේ. තම පටු වුවමනාවන්   ඉටුකරගැනීමට  යාමේදී ඉහතකී තත්වයන්ට   පොදුවේ  මුහුණදීමට  සිදුවේ. සියල්ල සිදුවන්නේ නිවැරදි  ක්‍රමයකට නොවුකල ඇතිවන  ප්‍රතිපලයද  නිවැරදි නොවේ.මෙහිදී  දේශපාලන අධිකාරිය  රාජ්‍ය  ආයතන  පමණක් නොව  ජනතාවද  අවධියෙන් සිටිය යුතුව ඇත.එසේ  නොවන කළ  මහපාරේ  නිවැරදි ලෙස ගමන්කරන  ඔබද වාහනයක ගැටී මියගියහොත්  එය පුදුමයට කරුනක්  නොවේ.

 


සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි